විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අද දින (02) පිහි‍ටු වීමට නියමිත 'සමඟි ජන බලවේගය' පක්ෂ සංධානයට එක්සත් ජාතික පක්ෂය එක් නොවන ලකුණු පහළ වී ඇත. එම සංධානයේ ලකුණ ලෙස අලියා ලබා දීමට එජාපයෙ රනිල් කල්ලිය එකඟ නොවීම අද දින ද දකින්නට ලැබිණි.

මීට දින කිහිපයකට පෙර (පෙබ.25) නාකොටික් පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගන්නා ලද කුඩු කිලෝ 4 සමඟ මාලදිවයින් ජාතීකයන් 6 දෙනකු ගැන වාර්තා වූ පුවත සම්බන්ධ සිද්ධිය පි‍ටුපස මෙරට දේශපාලන ප්‍රභූවරයකුගේ ව්‍යාපාරික සොයුරාගේ පුත්‍රරත්නය සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මඟින් ඉදිරිපත් කර තිබෙන 21 සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධන පනත් කෙ‍ටුම් පත් දෙකෙහි අපේක්ෂාව විධායක ජනාධිපතිධුරයේ බලතල අසීමාන්තික ලෙස වැඩි කර ගැනීමත් මහින්ද නාමල් ප්‍රමුඛ බලවේගය අකර්මන්‍යය කිරීමත් බව පැහැදි කාරණයකි.

ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමට එරෙහිව පසුගිය යහපාලන ආණ්ඩුව විසින් එල්ල කරන ලද චෝදනා අසත්‍ය බවට ඕනෑතරම් සාක්ෂි තිබියදීත් මේ දක්වා එම චෝදනාවලින් එම ව්‍යාපාරය ගලවා ගැනීමට වත්මන් ආණ්ඩුව ද තවම කටයුතු කර නැත.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය පෞද්ගලික සමාගමක් වෙත බාර දීම සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුව තිබෙන බවත් එය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හෝ වෙනත් රජයේ රක්ෂණ සමාගමක් වෙත ලබා දිය යුතු බවටත් පසුගිය දිනවල පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් මෙන්ම හිතවතුන්ද ටික්ක හයියෙන් කෑ ගැසූ නමුත් ..ලබන වසර සඳහාද එම රක්ෂණාවරණය ලබා දී තිබු සමාගම වෙතම ලබා දීමට තීරණය කර ඇති බව දැ ගන්නට තිබේ. 2019 වසරේ එම ගිවිසුම පසුගිය නොවැම්බර් 29 වන දින කල් ඉකුත් විය.

ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ ඉන්දීය සංචාරයෙන් ඩොලර් මිලියන 450 ක පමණ ණය මුදලක් ලැබුණු බව සදහන්ය.ඉන් කොටසක් සෘජුවම උතුරු නැගෙනහිර පීඩාවට පත් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කිරීමද විය යුතුව තිබේ.

අපේක්ෂා කළ පරිදිම රාජපක්ෂවරුන්ගේ භීෂණකාරී මිලිටරි පාලනය තහවුරු කරමින් තිබේ. එය හිතුවාට වඩා වේගයෙන් සිදු වෙමින් තිබේ. මේ වන විට මාධ්‍ය ආයතන , මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් රැසක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ගනනාවක්ද රාජපක්ෂ මිලිටරි ජුන්ටාවේ ප්‍රශ්න කිරීම් වලට ගොදුරුව ඇත.

රබර් බෝලය දිය යට සිර කිරීමට මොන වෙර දැම්මත් ඒ ලිහිල් වූ සැනින් දිය මතු පිටට එයි. ගෝටාබය රාජපක්ෂ නැමැති ඒකාධිපති බල වියරුවකින් සිටින තැනැත්තාද දැන් දේශපාලනයේ මතු පිට රඟන්නට පටන් ගෙන තිබේ. 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සිල් රෙදි ඇඳ ගත්තු උපාසකයකු මෙන් බලගතු රංගනයක් යෙදුනු ගෝටබය ඉතා අසීරු එහි උපරීමය පසුගිය ජනාධිපතිවරණ සමයේදී වේදිකා ගත කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us