අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරය අත් හැර, ජනාධිපතිවරණයේ ජනමතයට ගරු කර ඉල්ලා අස්වීමට අද තීරණය කළේය. ඒ අනුව හෙට දින නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කෙරෙනුද ඇත.

රාජ්‍ය ආයතන සඳහා නව ප්‍රධානින් පත් කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් සකසන ලද නම් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙතින් පිළිගැනීමට ලක්වෙනු  ඇතැයි දැන ගන්නට තිබේ.

අගමැති රනිල් වික්‍රමසංහ අද දින සිය අගමැතිධුරයෙන් ඉවත් වීමට ගෙන තිබෙන තීරණය අනුව නව අගමැතිවරයකු යටතෙ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති ගොටාබය තීන්දු කළද එය මේ වන විට පොදුජන පෙරමුණ තුල දැඩි අර්බූදයකට හේතුවී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගොටාබය රාජපක්ෂට එරෙහිව ප්‍රචාරක කටයුතු කළ පිරිස් ගැන සෝදිසි කිරීමේ මෙහෙයුමක් මේ වන විට දියත්ව තිබේ. ආරක්ෂක අංශ ප්‍රධානියෙකුගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදු වෙමින් තිබේ.

ගෝඨාභය තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා යැයි කියමින් මෙතෙක් මුළු රටටම පෙන්වූ ගෝනි සෙල්ලම අහවර කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්පූර්ණ නොමැති බවත් ඔහු පෙන්වන සහතික ව්‍යාජ ඒවා බවත් ප්‍රකාශ කර තිබේ.

පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝටබය රාජපක්ෂගේ පරාජය යළිත් වරක් තහවුරු කරන අවසන් සමීක්ෂණ වාර්තාව නිකුත් වී තිබේ. ජනමත සමීක්ෂණ සම්බන්ධ විදේශීය සමාගමක් සහ මෙරට ජනමත සමීක්ෂණ කණ්ඩායමක් එකතුව සිදු කළ මෙම සමීක්ෂණ වාර්තාව ඊයේ පොදුජන පෙරමුණේ නායකයන් වෙතද එම කණ්ඩායම විසින් ලබා දී තිබේ.

ජනාධිපතිවරණයේ සියලු සමීක්ෂණ වාර්තා මඟින් ගොටබය රාජපක්ෂ පරාජයට පත්වන බව මීට සතියකට පමණ ප්‍රථමව සිට තහවුරු විය. මේ අනුව පොදුජන පෙරමුණේ අයිතිකාර බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ බර කරට ගෙන කටයුතු කිරීම සිදුවූ නමුත් ඒවායේ සාර්ථකත්වයක් තිබුණේ නැත.

තමන්ගේ අපේක්ෂකයා පරාජය වීමේ බරපතල අනතුරක් හමුවේ සිටින පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය නායකයන් සහ ඔවුන්ගේ මැර හෙංචයියන් විසින් කෙසේ හෝ ජය ගැනිමට වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව වෙත තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us