පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව වූයේ එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමය. ඒ අනුව නන්දසේන රාජපක්ෂට මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කිරීම නිත්‍යානු කූලය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනු ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් ආරම්බ කර ඇති බව දැනගැනීමට තිබේ. මේ සම්බන්ධ තොරතුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ආරක්ෂක අංශ වෙත දැනුම් දීමක් සිදු කිරීමෙන් පසුව මෙම විමර්ශන කටයුතු අරම්බ වී ඇත.

නන්දසේන ගොඨාබය මෙරට ද්විත්ව පුරවැසි භාවය ඉල්ලුම් කිරීමේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලබා දී තිබිය යුතු ලේඛන කිසිවක් එම දෙපාර්තමේන්තුව සතුව නොමැති බව අද ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි..මේ ලේඛන මොනවාද? ද? සහ එය අයදුම් කරන පිළිවෙල ගැන පහත විස්තරයක් සඳහන් වේ.

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති සුහද ගම්ලත් කර ඇති ප්‍රකාශ කිහිපයක් පිළිබඳව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක අදහස් දක්වා තිබේ. ඒ පසුගියදා මොනරාගල ප්‍රදේශයේ පැවති එම බලවේගයේ සම්මන්ත්‍රණයක් අමතමිනි.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ශ්ව කිහිපයක්ම කටයුතු කිරීම ගැන ගොට්ටන් නඟන එක් ප්‍රධාන මැසිවිල්ල වී ඇත්තේ ගෝඨා දිනන නිසා එය වැලැක්වීමට අධිකරණය හරහා කටයුතුකරන බවය. මෙය තාක්ෂණික කාරණා මතු කර කරන තකකඩි වැඩක් බවත් වැඩි දුරටත් සඳහන්ව තිබේ. එපමණකින් නොනැවතී නන්දෙගේ සුදුසුකම ජනතාවගෙ ඡන්දයෙන් විමසා බැලිය යුතු බවත් යෝජනා වී තිබිණි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභයට එල්ල වී ඇති කූට ලේඛන චෝදනා සහ අමරිකානු පුරවැසිභාවය සම්බන්ධ චෝදනා නිසා නාම යෝජනා භාර දීම සිදුකිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා විකල්ප අපේක්ෂකයකු ‍තෝරා ගැනීමේ සාකච්ඡාවක් මේවන විට පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයත් අතර පැවැත්වෙමින් තිබේ.

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද කොටාව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට අහිමි කිරීම සඳහා දෙමළ ජාතිවාදී කඳවුරේ ජනාධිපති අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණේ අයිතිකරු බැසිල් රාජපක්ෂ මේ වන විට විශාල වෙහෙසක් දරමින් සිටින බව දැනගැනීමට තිබේ.

 2005 වසරට අදාළ ද්විත්ව පුරවැසි ලේඛනයේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් අංක අතර නොගැලපීමක් සොයාගැනීමට විමර්ශකයන් සමත්ව තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us