ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වටිනා තිරසාර සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම්වල සහ ‍දේශපාලන ක්ෂේත්‍රයේ අර්බුද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

 2016 වසර හා සන්සන්දනය කරන විට මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික, ව්‍යාපාර පරිසරය හා සමාජ ආර්ථික යටිතල පහසුකම් සැළකිය යුතු මට්ටමින් වැඩිදියුණු වී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ සෞභෘග්‍යය මැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා සමෘද්ධි දර්ශකය අනුව මෙම තොරතුරු වාර්තා වී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ සියලු පක්ෂ හා කණ්ඩායම්වලට `එක අරමුණක් වෙනුවෙන් එක පෙරමුණක්` නිර්මාණය කරන ලෙස තමන් බලකරන බවත්, එම ඉල්ලීම මුල් කොටගෙන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව`දිදුලන හදවත` සංවිධානය ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂට එරෙහිව දෙවරක්ම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ සම්මතව තිබුණත් එය පිළිගැනීමට නොහැකිනම් හෙට (19) ඊට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කර සම්මතකර පෙන්වන ලෙස ඔහුට අභියෝග කරන බව එජාපයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

සිරිසේන ජනපති විසින් අද සවස් වරුවේ කැදවා තිබුණ සර්ව පාක්ෂික සමුළුවත් සිරිසේනගේ හිතුවක්කාර මෝඩ කතන්දර අසා සිටීමෙන් පසුව කිසිදු වැද්ගත් කමකින් තොරව අවසන් වී ඇත.

ශ්‍රී ලංකාව නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාවට නැංවීම සිදු නොකළහොත් ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය අතර දැනට පවත්වාගෙන යන හා අනාගතයේදී සිදු කිරීමට නියමිත සියලු ආරක්ෂක ව්‍යාපෘති නවතා දැමීමට හැකි බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

රාජ්‍ය භාණ්ඩාගාරය මේ වන විටත් මුදල් නොමැති වීම හේතුවෙන් අසරණ තත්වයට පත් වී තිබෙනවා. මුදල් අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිළධාරියෙක් පැවසුවේ මේ වසර අවසානය වනතෙක් සිදු කිරීමට තිබෙන ව්‍යපෘති අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා අරමුදල් නොමැති වීමෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

රාජපක්ෂ යුගයේ සිදු කෙරුණු බරපතල අපරාධ ගැන විමර්ශන ගනනාවක් සිදු කරමින් සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම විමර්ශන වලින් ඉවත් කරන ලෙස සිරිසේන ජනාධිපතිවරයා අද පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. ඒ අනුව ඔහුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන්ම ඉවත් කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතී

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us