දැදුරු ඔය විනාශ කරමින් සිටින නොර්වේ රාජයයට අයත් ජිෆී නිශ්පාදනායතනයේ කොබෙයිගනේ කර්මාන්ත ශාලාව නැරඹීමට හා සුවිශේෂී භොජන සංග්‍රහයක් වෙනුවෙන් මාධ්‍යය අයතන කිහිපයකින් ‍තෝරගත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් අද දින එම සමාගමේ පරිපාලනය විසින් ‍රැගෙන ගොස් තිබේ.

පසුගිය රාජපක්ෂ රෙජීමයේ අවසන් කාලය තුලදී සල්ලි හා රත්තරන් පිරවූ කන්ටේනර් 11ක් වත් මුහුද යට සඟවා ඇති බවට තොරතුරු හෙළිව තිබෙන බව එම ආණ්ඩු සමයේ වංචා දූෂණ පරික්ෂා කරමින් සිටින කණ්ඩායමක් සැක කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ වියදම් සඳහා අතිරේකව රුපියල් කෝටි 25ක් පාර්ලිමේන්තුවෙන් වෙන් කරගත්තාය, ලිමොසින් රථයක් හා බී එම් ඩබ්ලිව් යතුරු පැදි 12ක් ගෙනාවාය කියමින් විමල් වීරවංශගේ ලිං මැඩි බලකාය හා මහින්දගේ මැදගේ බයියන් සෙට් එක මේ වන විට ෆේස් බුක් හී පොඩි ආතල් එක්ක ගනිමින් සිටින හැටි දු‍ටුවාම දුකේ බැරිය.

ඉස්ලාම්කරණය, ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ගනු ලබන රහසිගත  උපායමාර්ගික ක්‍රමවේද රටේ සාමයට, සමගියට හා සන්හිදියාවට බාධාවක් බවත්, ISIS ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගේ බලපෑම යටතේ මේ රට තුල ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයට ඉඩකඩ ඇති බවත් පවසන බොදු බල සේනා සංවිධානය ඒ වැලැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

පරිසර අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස කටයුතු කරන ප්‍රකට පරිසරවේදියකුට විශාල මුදලක් ගෙවා ජිෆී සමාගම සම්බන්ධයෙන් එල්ලවන විරෝධය යටපත් කිරීම සඳහා පරිසර අමාත්‍යංශයත්, මධ්‍යම පරිසර අධිකාරියත් අක්‍රීය කිරීමට කටයුතු යොදමින් තිබෙන බව විශ්වාසනීය තොරතුරු මාර්ග ලංකා ඩේලි වෙත අනාවරණය කර සිටී.

එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක්‌ පෞද්ගලිsක මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස තමා අද (06 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය (එජාප) පැවැසුවාය.

RavindraKariyawasamදැදුරු ඔයට හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ සිදුවන පරිසර දූෂණයට සෘජුව වගකිව යුතු ජිෆී සමාගම පරිසරවේදීන්ට තර්ජණය කරන බවත් පරිසරවේදීන්ගේ කටයුතුවලට බාධා සිදුකරන බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. ජිෆී සමාගමෙන් එල්ල වූ තර්ජණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (05) සමාජ හා සාමයික කේන්ද්‍රෙය්දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තමා දුන් එක දුරකථන ඇමතුමකින් ඇ.ඩොලර් මිලියන 500 ක ණයක් ලංකාවට ලබා දීමට ලිබියානු හිටපු නායක මුවමර් ගඩාෆි එකග වූ බවත් එය නොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර ආර්ථිකය ඇණ හිටීමට ඉඩ තිබුණ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍ය නිවේදනයක් කරමින් පවසා සිටියේය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ මහතා ලිබියවේ හිටපු නායක ගඩා‍ෆිගේ කරට අතදාගෙන සිටි බව කළ ප්‍රකාශයකට පිලිතුරු වශයෙනි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us