මෙරට අති සුවිශේෂී පුද්ගලයෙකුගේ දේශපාලනයේ නියුතු පුත්‍රයෙක් සතුබව කියැවුනු ඩුබායිහි ජාතික බැංකුවේ (නැෂනල් බෑන්ක් ඔෆ් ඩුබායි) ගිණුමක් ගැන තොරතුරු මෙරට දේශපාලඥයින්ට ලැබුණේ පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වුනු අගොස්තු 17 වැනිදාට දින 10 කට පමණ පෙරාතුවය.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැළිගොඩ මහතා පැහැරගෙන ගොස්‌ අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සාමගමට අයත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ව ඇති චෝදනා වසන් කිරීම සඳහා එම ආයතනයෙන් මුදල් ලබා ගත්තාය කියන මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ,ආරක්ෂක අංශ නිළධාරීන්, පොලිස් නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දේශපාලකයන් ආදී සියලු දෙනා හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙමින් සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙහිදී ගත් මුදල් හා වරප්‍රසාදයන් ගැනද හෙළි කෙරෙණු ඇති බවත් මේවන විට විශාල තොරතුරු ප්‍රමාණයක් එක් ‍රැස් කරගෙන ඇති බවත් එම තොරතුරු මාර්ග පවසයි.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා රජයේ හමුදා බුද්ධි අංශ මඟින් පැහැරගෙන ගොස් සොරිවිල (මනම්පිටිය) වැලිකන්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අතුරු හමුදා කඳවුරකට බාර දී ඇති බවත් පසුව ඔහු ඝාතනය කර මෘත දේහය ත‍්‍රිකුණාමලයට රැගෙන ගොස් මුහුදට දමා ඇති බවත් හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අන්තර්ජාතික මත්කුඩු ජාවාරම්කරුවන් වසරකට මත්කුඩු කිලෝ තුන්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් බෙදාහැරීමට මෙරටට එවන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග දේශීය විකාශන අයිතිය වතාවක් සිරස ටිවී ආයතනය වෙත පැවරීමේ කුමන්ත්‍රනකාරී වැඩ පිලිවෙලක් සිරස ටීවී හිමිකරු කිලී මහරාජා විසින් විසින් ක්‍රියාවට නඟා ඇති බව දැන ගැනීමට ඇත.

mahinහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පරිසර ඇමැතිධුරය හොබවන 'විධායක ජනාධිපති' මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය තමන්ට පොල් කෙන්දක තරම් නොවන බව 'ජිෆී' පාලනාධිකාරිය පසුගියදා (13) මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට පෙන්වා දී තිබේ. පොලි කොහු සෝදන කැල්සියම් නයිට්‍රේට් විෂ රසායන අඩංගු අපජලය කෙළින්ම දදුරු ඔයට දමමින් අති විශාල විනාශයක් කරමින් සිටින කොඹෙයිගනේ ජිෆී සමාගම සම්බන්ධයෙන් අප විසින් දිගින් දිගටම එල්ල කළ චෝදනාව හේතුවෙන් නැවත වරක් එම සමාගමේ කටයුතු පරික්ෂා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් පියවර ගෙන තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us