එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණතිලක මහතා අමාත්‍ය වගකීම දරණ ජනමාධ්‍ය අමත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එළැඹෙන 09 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට තිබූ මහින්ද සමග නැගිටීමු රැළි මාලාවේ ජන රැළිය දින නියමයක් නොමැතිව කල්දමා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා කියා සිටියි.

අද (05) දින නිල වශයෙන් ප්‍රකාශයට පත් 'සත්හඬ' පුවත්පතට සමගාමිව 'සත්හඬ' වෙබ් අඩවියද එළිදක්වා ඇත.

'මර්වින් රිටිගල මහ කැලේ මෛත්‍රී භාවනාවේ !' යන ප්‍රධාන ශිර්ෂ පථයෙන් යුතුව 'සත්හඬ' සති අන්ත ජාතික පුවත්පත ඊයේ වෙළඳ පොලට නිකුත්කර තිබිණ.

ඉදිරි මහ මැතිවරණයේ දී බහුතර ආසන සංඛ්‍යාවක් ලබා සන්ධාන ආණ්ඩුවක් බිහිකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක පසුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

 ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පවසන ලෙස ජාතික ආණ්ඩුවක්  බිහි නොවන අතර මීළඟ අග මැතිවරයා ශ්‍රී ලනීපයෙන් බිහිවීමට ඉඩ ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල තම ඉනෙහි එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් හා හොඬල අලයක් එලාගෙන සිටින බව වාර්තාවේ. ඔහුට මේ දිනවල ලබා ඇති ග්‍රහචාරය අනුව අපහාසයට උපසාසයට නින්දාවට ලක් වී ජනතාව අතර  අපකීර්තිමත් චරිතයක් බවට පත්වන බව  රාජපක්ෂ මහතාගේ නව ජොතිෂය වේදියාවන වැල්ලවාය ප්‍රදේශයෙ හිමි නමක් විසින් පවසා තිබුණු අතර එම තත්වයන් මඟ හරවා ගැනීම සඳහා කළ ගුරුකමක් ලෙස මෙලෙස දෙහි ගෙඩි හා හොඬල අලය දින තුනක් ඉනෙහි එල්ලාගෙන සිටීමට සිදුව තිබේ. 

මැතිවරණ නීතිරීති බලාත්මක වීම ලබන 6 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අගෝසතු 17 පැවැත්වෙන මහ මැතිවරණයට නාම යෝජනා බාරගැනීම හෙට (6) සිට 13 වැනිදා දක්වා සිදු කෙරේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us