රෝහල තුළ දී රෝගියාට සපයන සායනික සේවාව නිසි ආකාරව ලැබේ ද යන්න සොයාබැලීම සඳහා සියලු ම වෛද්‍ය සංගම් සම්බන්ධ කරගෙන ජාතික කවුන්සිලයක් නිර්මාණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සියලුම රජයේ කාර්යාල සේවකයින් සඳහා දේශීය ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් අයථා ලෙස ණය ලබා දෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුෆර් ෆවුසි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) පොලිසියට නියෝග කර ඇතැයි වාර්තා වේ. ඒ 2012 දී ව්‍යාපාරිකයෙකු හට මරණීය තර්ජනයක් සිදුකිරීමේ චෝදනාව මතය.

සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට අද සිට අන්තර්ජාලය හරහා ඒ සඳහා අයදුම් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. ඔබට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසී එම සේවාව ලබාගත හැකිය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් අංශ විසින් සිදුකරන පරීක්ෂණ මුළුමනින්ම ස්වාධීන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයකින් පවසයි.

ශ්‍රී ලංකාවේ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ ප්‍රථමවරට මහාභාරකාරවරිය ලෙස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව නීතිඥ තරංගනී කීනවින්න දිසානායක මහත්මිය පත්කර තිබේ. වසර 1922 ආරම්භකර ඇති මහාභාරකාර දෙපාර්තමේන්තුවේ මෙම තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව ඇය වේ.

ld add copy

Latest News

ආපදා මරණ 69ක් ! 34ක් අතුරුදන්

ආපදා මරණ 69ක් ! 34ක් අතුරුදන්

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇ...

Connet With Us