ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත.

ආන්දෝලනාත්මක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ.

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණු අනුර කුමාර දිසානායක මහතා වෙත හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබේ.

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ.

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එම පවුලේ අඹුදරුවන් ඇතුළු සාමාජිකයන් ගනනාවක් විදේශ ගතව ඇත. මේ අනුව මෙරට තුළ තවමත් රැදී සිටින්නේ මහින්ද සහ නාමල් පමණක් බව දැනගැනීමට ඇත.

පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා ව‌ේ

ld add copy

Connet With Us