ජවිපෙට එරෙහිව පසුගිය දශක තුනක කාලයක් පුරා සිදු වූ ඝාතන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා වගකිව යුත්තන්, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් සෙවීම සඳහා විශේෂ කොමිසම් සභාවක් පත් කිරීමට ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් පසුගිය දා තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් අතර සාකච්ඡාවක්
හෙට දින පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය
සම්පූර්ණයෙන් අවසන් වී සියලු රටවල සහාය නැවත මෙරටට හිමිවන බවත් ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වන විට විනිමය හුවමාරු වෙළඳපොළ ගනුදෙනු සඳහා ප්‍රමාණවත් ඩොලර් නැති බව කොළඹ විනිමය හුවමාරු බලයත් නියෝජිතයන් පවසා සිටි.

ගත වූ සති තුනක කාලය තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියයට පනස් හතරක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන්ම සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාගවන් මහතා අවධාරණය කර සිටිනවා.

මේ රටට පත්වෙන රාජ්‍ය නායකයාට පැවරෙන වගකීම් දෙකක් ඇති බවත් පළමුවැන්න රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත් දෙවැන්න ජාතික ආර්ථිකය ගොඩ නැගීම බවත් එය ක්‍රියාවෙන් ඔප්පු කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව උතුරු මැද හිටපු මහ ඇමති පේශල ජයරත්න මහතා පවසනවා.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් වූයේ ජවිපෙ ඇමරිකානු සී අයි ඒ සංවිධානයේ විසින් හසුරුවනු ලැබු ත්‍රස්ත සංවිධානයක් විය හැකි බවට එදා කොමියුනිස්ට් පක්ෂයේ මතය වීම හෝ යම් තොරතුරු නිසා හෝ සිදුවූවකි.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට එරෙහිව සමගි ජන බලවේගය තුළ කැපිල්ලක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.

ld add copy

Connet With Us