ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් ඊයේ (2) පත් කරගනු ලැබීය.
ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර මුල් පෙළේ කෙනකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දැනට තිබෙන පදනම ඉදිරි දින කිහිපයේදී අහෝසිවී යන බැවින් ඊට පෙර විවාදයට පැමිණෙන ලෙස ඔහුට දන්වා සිටින්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ජනාධිපතිවරණය අවසන් වු වහාම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
මේ දිනවල මෙරටට බලපා ඇති අධික වර්ෂාපතන හේතුවෙන් ඇති වුණ ගංවතුර නිසා මේ වනවිට ගොවිතැනටත් දරුණු බලපෑමකට ලක් වී ඇත.
ආපදා සිදුවී ඇති ස්ථානවල සිටින ජනතාවට 117 දුරකථන අංකය අමතා දා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙස දා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්ලි මහතා පවසයි.
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10 ක් මරුට ! 20කට තුවාල !
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (03)උදෑසන 5.30 න් අවසන් වූ වැඩිම වර්ෂාපතය වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.