නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ පැවසීය.

මේ දිනවල ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය නූතන ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව වෙනසක් සිදුවිය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

උද්ධමනය පහළට

Published in පුවත්
Friday, 31 May 2024 18:22

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (මැයි) මෙරට උද්ධමනය සියයට 0.9ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

රැකියා සඳහා විදෙස් ගත වූවන් මෙන්ම විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින අය සඳහා රටපුරා ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන් මාලාවේ බදුල්ල දිස්ත්‍රික් වැඩමුළුව අද ආරම්භ විය.

තාවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය, යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේ පැවසුවේය.

ld add copy

Connet With Us