කොළඹ උතුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී  කොට්ඨාසය තුළ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල්  වූ වොල්බැකියා  (Wolbachia)   විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය  කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල  සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ක්‍රියාත්මක කරන  ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන්  50,000 ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දේශීය වෙළඳපොළේ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඉන්දීය වෙළදපළවලින් තවත් බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට හැකිවන පරිදි 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

අයහපත් කාලගුණයෙන් උතුරු පළාතේ නවදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්තව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ld add copy

Connet With Us