ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසයි.

2023 (2024) – අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

2023 වර්ෂයේ දී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළාය.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් යමෙකු  අන්තවාදියෙකු හෝ ශ්‍රී ලාංකික විරුද්ධවාදියකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක  පැවසීය.

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ප‍්‍රකට ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ld add copy

Connet With Us