පසුගිය දා සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වන එකදු කරුණක් හෝ පවතී නම් එය පෙන්වා දෙන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසයි.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ පහර දීමකින් ජීවිතක්ෂයට පත් වූ බවට ඥාතීන් සහ ගම්වාසීහු චෝදනා එල්ල කළ 22 හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාවලට අනුව ශරීරයේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බවත් සිරුරේ අභ්‍යන්තර තුවාල කිසිවක් නොතිබූ බවත් වාර්තා වී තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා ඇනවුම් කරන ලද ගැන්ට්‍රි දොඹකර 12න් පළමු ගැන්ට්‍රි දොඹකර 03, ඊයේ (02දා) ෂෙන් හුවා -24 නෞකාවෙන් කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තය වෙත ගෙන එන ලදී.

 'යුක්තිය' මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තායිලන්ත අග්‍රාමාත්‍ය සෙට්ඨා තව්සින් නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අද(03) පස්වරු 2.00 සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි.

අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03)අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් මිල දී ගැනීමේ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ld add copy

Connet With Us