2024.04.11 දිනට යෙදෙන රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිනිය ලෙස ජනාධිපති ජෝ බයිඩෙන් එලිසබෙත් කේ හෝස්ට් මහත්මිය නම් කර තිබේ. මෙම නාමයෝජනාව සෙනෙට් සභාව වෙත යවා ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මහ බැංකුවේ දැනට සේවය කරන නිලධාරීන්ගේ හා විශ්‍රාමික නිලධාරීන්ගේ දූ දරුවන්ට අවස්ථාව ලබාදීමට, මෙතෙක් පැවැති විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රමය වෙනුවට ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය හරහා විභාග පවත්වා එම බඳවා ගැනීම් සිදු කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.

වීදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළදමා තිබේ.

ld add copy

Connet With Us