විෂය නිර්දේශය සහ විභාග ක්‍රමය ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
මීට පෙර රුපියල් 76,000 කට අලෙවි වූ ඖෂධයක් රුපියල් 370 කට අලෙවි කිරීම සඳහා නිර්දේශ කර ඇති බවට පළවන වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තහවුරු කර තිබෙනවා.
අද සිට තමාගේ සහාය කිසිවිටෙකත් ආණ්ඩු පක්ෂයට ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා පැවසීය.
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ 22 දින අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසා සිටියි.
2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
වසරේ පළමු සති 03 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3,499 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පොරොන්දු වූ පරිදි ඊ-වීසා වංචාව සම්බන්ධයෙන් වොහාරික විගණනයේ ඉරණම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්පික රණවක මහතා විමසීය.

