කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද සිට බස් රථ 4000 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කිරිමට ශ්‍රි ලංකා ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම විවෘත කර තිබේ.

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයින් 157දෙනෙකු නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගෙන තිබේ.

සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර බෙදාදීමට යෑමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඒ හරහා පරිත්‍යාග බෙදාහැරීමට අවස්ථාව සලසා ගන්නා ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා ඉල්ලා සිටියි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් පරීක්ෂා කර නිගමන ලබා දෙන තුරු නිවෙස්වලට නොඑන ලෙස එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

ld add copy

Latest News

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Connet With Us