පාසල් පෙළපොතට අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් වී තිබේ.

උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය හේතුවෙන් පැනනැගී ඇති ගැටලුවට විසඳුමක් ලෙස විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී ප්‍රමාණය 540 කින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ජපානය සහ ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කොට සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබාදීමේ හැකියාවක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. අධිකරණ කටයුතු අවසන් වනතුරු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේ.

පසුගිය සමයේ පාඩු ලැබූ ලංකා සීනි සමාගම නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ ජනක නිමලචන්ද්‍ර තරුන සභාපතිවරයෙකුගේ නව අදහස් තුලින් සහ නායකත්වය තුලින් ලංකා සීනි සමාගම මේ වන විට රටේ වැඩිම ලාභ ලබන ආයතනයක් බවට වසරක් තුල සාර්ථකත්වයට පත් වී ඇත.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

කොරෝනා මෘත දේහ භුමිදානයට අවසර ලබා දෙන බව අද පාර්ලිමේන්තු සභාවේදී මිට සුළු වේලාවකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකශ කර තිබෙනවා.

ජලයෙන් කොරෝනා රෝගය බෝ නොවන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බවත් ඒ හේතුවෙන් මෘතදේහ භූමිදනයට අවසර ලබා දෙන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ මෘතදේහ භූමිදානයට අවසර ලබාදෙන බවයි.

කොවිඩ් 19 ආසාදිතව මළවුන්ගේ දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජනවාර්ගිකත්වය කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තියක් ලෙස හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කණ්ඩායමක් විසින් මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ වාර්තාවට දෙදිනකට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණි.


ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us