භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා.

කොවිඩ් ආසාදනය වූ 07 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රේගුවේ දූෂණ වංචා අක්‍රමිකතා තුරන් කර එම ආයතනය හරහා රටට ලැබිය යුතු ආදායම නියමාකාරයෙන් ලබා ගැනීමත් කාර්යක්ෂම සේවයක් සලසා දීම වෙනුවෙනුත් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ පසුගියදා කළුතර වළල්ලාවිට පැවැති ජන හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රේගු නිලධාරී වෘත්තිය සමිති වල විරෝධය පළවී තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය හෙට (28) පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිතයි.

ඉදිරියෙදී සිදුවිය හැකි විශාල විනාශයක් ගැන පාස්කු ප්‍රහාරයට කලින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කළත් ඔහු ඒ පිළිබද කිසිදු උනන්දුවක් දැක්වුයේ නැති බව හිටපු සී .අයි .ඩි අධ්‍යක්ෂ ශානි අබේසේකර අද පාස්කු කොමිසමේදී හෙළි කර ඇත.

කොවිඩ් - 19 සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන ලෙසත්, වසංගතයේ රෝග වාහකයන් ලෙස මුස්ලිම්වරුන් සහ අනෙකුත් සුළු ජාතීන් ගැන වැරදි තොරතුරු, වෛරී කතා සහ අපකීර්තියට පත් කරවන තොරතුරු ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයට බල කරමින් ඊයේ ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

අයවැයෙන් යෝජිත වූ පරිදි වතු කම්කරුවන් සදහා රුපියල් දහසේ (1000)දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණට උපදෙස් ලබා දී තිබෙනවා.

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසක් මේ දක්වා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ld add copy

Connet With Us