ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා‍වට සිය ආධාර ලබා දීම අත්හිටවූ බව අද පවසා තිබෙනවා. The Sunday Morning පුවත්පත ඔස්සේ සිය අදහස් දක්වමින් එහි ප්‍රකාශක ජෙරී රයිස් මේ බව පවසා තිබෙනවා.

සිරා මරා බලු පූ‍ටුවේ බල ප්‍රේත කුමණ්ත්‍රණය හේතුවෙන් ශ්‍රිලංකාව ලෝකය හමුවේ දිනගෙන තිබෙන යහපත් ප්‍රතිරූපය දිනෙන් දින කෙලෙසෙමින් තිබෙන බව මේ වන විට මෙරට සංචාරක ව්‍යාපාරයේ සීග්‍ර කඩා වැටීමේ සාක්ෂි සපයයි.

සිරිසේන ජනාධිපතිවරයා අද සවස කැඳවා තිබෙන සර්ව පාක්ෂික් සමුළුව බලයට තිබෙන මළ පෙරේතකම නිසා සිදු කරන්නක් බව පැහැදිලි වෙමින් තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා අද උදෑසන මහින්ද පාර්ශ්වයට හා එජාපයට දන්වා ඇත්තේ ඉදිරි පැය 24 ඇතුලත 113 ක බහුතරයක් තමන්ට ඇති බව ඔප්පු කරණ පාර්ශ්වයට අගමැතිකම දෙන බවය. 

ජනාධිපති සිරිසේන විසින් නීති විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිධුරයේ හිඳවීමේ සිට මේ දක්වා වූ සිදුවීම් දාමය එක්සත් ජාතික පක්ෂයට දේශපාලනිකව අතිශය වාසි සහගත බව එජාපයේ ජේෂ්ඨ ඇමැතිවර්යකු පැවසීය. 

පාර්ලිමේන්තුව හමුවේ දෙවරක්ම විශ්වාසභංගයකින් පරාජය වූ මහින්ද රාජපක්ෂව යළිත් අගමැතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති සිරිසේන සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ.

අද පාර්ලිමේන්තුව හමුවේ දෙවැනිවරටත් හොර අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දුන්නද. එම අවස්ථාවේ රූපමය දර්ශන හා එම තොරතුර විකාශය නොකරණ ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතන ගනනාවකට රාජපක්ෂ කල්ලියේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි කියනු ලබන නිලධාරියකු හරහා දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව එම මාධ්‍ය ආයතන ආරංචි මාර්ග පවසයි.

අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුව රාජපක්ෂ ත්‍රාඩ කල්ලියේ වැඩිම විරෝධයක් එල්ල වූයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා ඉලක්ක කරගෙන බව වාර්ථා වෙයි. 

ld add copy

Connet With Us