ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩි මහල් පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ  ෆේස් බුක්  මිතුරු පි‍ටුවට කැමැත්ත ප්‍රකාශ කිරීම ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනට සම්බන්ධ පුද්ගලයකුට ලැබුණු ඉහළම ප්‍රතිචාරය මෙය වන අතර එය වාර්තාවකි. වත්මනෙහි දෙවැනි තැන සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාය. තෙවැනි තැන මෛත්‍රීපාල සිරිසේන මහතා හිමිකරගෙන සිටී.

තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඤාණරත්න මහතා ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කර තිබේ.

මෙතෙක් කි‍්‍රයාත්මක කළ ජනතාවාදී වැඩපිළිවෙල නව වසරේදී වඩාත් ශක්තිමත්ව පෙරට ගෙන යන බව ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කලේ ඊයේ පස්වරුවේ තංගල්ල නගරයේ පැවති ජනහමු කිහිපයකට එක්වෙමිනි.

ඊයේ (31) රාත්‍රියේ කතරගම දේවාලයට හදිසියේම ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ දේව කන්නලව්වක් පවත්වා ඇති බව වාර්තා වේ.

2014 වසරේදී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 2250 ක් තමන් වෙත වාර්තා වී ඇතැයි ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආනමඩුව නගරයේ රැලියකට සහභාගි වු පිරිසකට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මැතිවරණ ප‍්‍රචාරණය සඳහා භාවිත කරන පොලිතින් සහ කටවුට් වල අඩංගු පොප්ලින් ගිනි තැබීම හරහා ජනතාව පිළිකා රෝගයට ගොදුරුවිය හැකි බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

රවුෆ් හකීම්, බදියුදීන්, මුස්තාෆා යන ඇමැතිවරුන් ආණ්ඩුවෙන් වෙන්ව ගියේ මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය සහාය ලබාදීමට නොව ඉදිරි මහ මැතිවරණයට අවශ්‍ය ඡන්ද පදනම නිර්මාණය කිරීමේ අරමුණින් බවත් කොළඹදී ඊයේ (31දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් පුත්තලම නගරාධිපති කේ.ඒ. බැසිස් මහතා පැවැසීය. මේ අනුව ආන්ඩුව විසින් හකිම් මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ගිවිසුමක් ඇතැයි යනුවෙන් පවසන කරුණ නිශ්ප්‍රභා වෙයි.

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us