මේ මොහොතේ ඉතිහාසය විසින් අප ඉදිරියේ කැණෙමින් තිබෙන වළේ ගැඹුර සහ පරිමාව වහාම හඳුනා ගන්න කියා බල කරනවා නම් ඒ වෙනුවෙන් හඬ නඟනවා හැරෙන්නට කිරීමට වෙන කිසිවක් අප ඉදිරියේ ඉතිරි වී නැහැ.

මහින්ද රාජපක්ෂ යළි බලයට පත් කිරීමේ සිහිනයේ වෙලී සිටින දූෂිතයන්ගේ පාද යාත්‍රාව කොළඹට එන අගෝස්තු 01 වනදා බැසිල් රාජපක්ෂට ඇප ලබාගෙන වීරයකු ලෙස වේදිකාවට ගොඩකිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් එම කණ්ඩායමේ බහුතරයකගේ විරෝධය මහින්ද රාජපක්ෂ වෙත මේ වන විටත් දන්වා ඇතැයි වර්තාවේ. බැසිල් රාජපක්ෂව අත් අඩංගුවට ගැනීම මෙන්ම එළඹෙන අගොස්තු පළමුවෙනිදා අධිකරණයෙන් ඇප ලබා ගැනීමේ සැලසුම එක්සත් ජාතික පක්ෂයේ සහයෙන් සිදුවන කටයුත්තක් බවට මේවන විට තොරතුරු හෙළිවීම මත මේ විරෝධය එල්ල වී තිබේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිධුරය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ජාතික රගර් කණ්ඩායමට ද නායත්වය දුන් කීර්තිමත් ක්‍රීඩකයකු වූ නාලක වීරක්කොඩි මහතා තරග කිරීමට නියමිත බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන විශ්වාසය දිනා ගත හැකි අයුරින් යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්වාස කටයුතු, සත්‍ය සෙවීමේ හා වගවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ මෙහෙයුමට නායකත්වය සපයන අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලාංකික සංහිඳියා ආකෘතිය, දකුණු අප්‍රිකානු හෝ වෙනත් රටක එවන් අනුරුවක් නොවන බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියට දින 10,000 ක් පිරීම නිමිත්තෙන් එළඹෙන 26 වන දින සිට පැවැත්වීමට නියමිත උත්සව මාලාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරීන් පඹ ගාලක පැටැලි සිටින බව වාර්තාවේ.

දූෂණ චෝදනා එල්ලවී සිටින කොළඹ නාලන්දාවේ විදුහල්පති වසන්ත රංජිත් ජයසුන්දර ඉන් ඉවත් කිරීමට මුල්වීමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල එම විදුහලේ ආදි සිසුන් පිරිසකට ඊයේ (18) ප්‍රසිද්ධියේ පොරොන්දුවක් ලබාදී ඇත.

පසුගිය රාජපක්ෂ සමයේදී රාජපක්ෂවරු හා වුන්ගේ හිතමිතුරන් විසින් සිදු කළ මුල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශනය කර වැරැදි කරුවන් නීතිය හමුවට ගෙන ඒම සදහා වර්තමන මෛත්‍රී රනිල් ආණ්ඩුව විසින් විශේෂයෙන්ම පිහි‍ටුවනු ලැබු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියකු එම චෝදනාවලින් ඇතැමුන් නිදහස් කිරීම සදහා කප්පම් ලබා ගැනීමේහි යෙදි සිටින බව පොලිසියේම අරංචි මාර්ග පෙන්වා දෙයි.

සමන් ප‍්‍රියංකර (ජපන් සමන්) නම් ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 400 ක කොමිස් මුදලක් ඉල්ලා ඇතැයි වාර්තාවන සිදුවීමට අදාල අමාත්‍යවරයා රවී කරුණානායක බව දැන ගැනීමට තිබේ.

ld add copy

Latest News

ජාතික විදුලි විරුවන්ට LTL වෙතින් ප්‍රණාම

ජාතික විදුලි විරුවන්ට LTL වෙතින් ප්‍රණාම

දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්වය යටතේ මෙරට විදු බල පද්ධතියට විශාල හානියක් අත් පත් වූවත් ඉතා කඩිනම...

Connet With Us