මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනීපය දෙකඩ කරමින් ආරම්බ කරන නව දේශපාලන සන්ධානයේ ඉදිරිපළාත් පාලන මැතිවරණ ඇතිවරණ ප්‍රචාරක සැලසුම සකස් කිරීම 'මීඩියා ෆැක්ටරි'නම් ප්‍රචාරක නියෝජිතායතනයට බාර දී තිබේ.

මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ සියලු පරීක්ෂණ කඩිනමින් සහ විධිමත්ව අවසන් කිරිමේ වගකීම තමන් භාරගන්නා බව ජාතික සංවාද පිලිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතා ලලිත් කුමාර්ගේ පියා වන ආරුමුගම් වීරරාජ්ට අද (31) විශේෂ පොරොන්දුවක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා රජය විසින් දේශීය යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේදී එයට විදේශීය විනිශ්චයකාරවරුන් පත් නොකරන්නේනම් එම දේශීය යාන්ත්‍රණය යටතේ පිහිටුවන අධිකරණයට ජාත්‍යන්තර තාක්‌ෂණ සහාය ලබාගත යුතු අතර එම කටයුතු නිරීක්‌ෂණය කිරීමට විදේශීය නිරීක්‌ෂකයින්ගේ සහායද ලබාගත යුතු යෑයි

මහින්ද රාජපක්ෂගේ බාල නගනියට අයත් බව කියැවුණු දෙනියාය නාතගල වත්තේ නම් අක්කර 40 ක ඉඩමක පිහිටි මේ මාලිගාව පොළවෙන් යටට මහල් 2ක් ද පොළොවෙන් මතුපිටට මහල් 3ක්ද වශයෙන් මහල් 4 කින් යුතුය. මේ ගැන පලමුවරට තොරතුරු හෙළි වූයේ2009 වසරේදී මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ ගවේශනාත්මක කටයුතක් හේතුවෙනි. මෙය එවකට ආන්දොලනාත්මක සිදුවීමක් විය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාට මේ දිනවල පවතින ග්‍රහ අපල උපද්‍රව නිසා විශේෂ පූජාවක් වෙනුවෙන් ඉන්දියාවේ තිරුපති කොවිලට ගොස් තිබේ.

ලෝක ප්‍රකට ගිනිස් වාර්තා තැබූ ශූරයෙක්, අනුරාධපුර සමාජ ශාලා හිමියෙක් මෙන්ම ප්‍රකට කරාටේ උපදේශකවරයෙක්ද වන වසන්ත සොයිසා ඝාතනය සිදුකල අපරාධකරු මේවනවිට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

පසුගිය ආණ්ඩු සමයේදී මෙරට තහනම් කොට තිබෙන 'ගෝලීය දෙමළ සංසදය'ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජය විසින් ආරාධනා කොට තිබේ.

අරලියගහ මන්දිරය තුළ භූගත රහස්‌ මාළිගා හෝ බංකර් පිහිටුවා නැතැයි දක්‌ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය. එවැනි මන්දිර හෝ බංකර් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ සමයේදී හෝ ඉදිකර ඇත්දැයි සොයා බලන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වී අරලියගහ මන්දිරයේ විසූ කාලයන්හිදීත් එවැනි දේ තනා නැති බවත් හෙතෙම කීය.

ld add copy

Latest News

ජාතික විදුලි විරුවන්ට LTL වෙතින් ප්‍රණාම

ජාතික විදුලි විරුවන්ට LTL වෙතින් ප්‍රණාම

දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්වය යටතේ මෙරට විදු බල පද්ධතියට විශාල හානියක් අත් පත් වූවත් ඉතා කඩිනම...

Connet With Us