ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්වූ ශ්‍රීපනිපය මේ වන විට පත්ව ඇත්තේ ඉතා අසරණ තත්වයකට බවත් එම පක්ෂයේ ජේෂ්ඨයන් බලා සිටියදී විමල් වීරවංශගේ මතයට ශ්‍රීලනිපය යටවී ඇති ආකාරය පිළිබදව කණගාටුවක් ඇති බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(27) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
"සංචාරයක් සඳහා කාල්ටන් නිවසට පැමිණි මෙම සිසුන් තමන් සමග ඡායාරුප කිහිපයකට පෙනී සිටීමට හිටපු ජනාධිපතිතුමා එකඟ කර ගත් අයුරු." යන සටහන සහිතව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවෙහි ඊයේ (26) දිනයේ සෙල්ෆී ඡායාරූප 3ක් පළ කර තිබිණි.
මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර හෙට (27)පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
මහින්දලා මහජන දේපල කොල්ල කාපු හැටි මූණටම කියන්න කැමතියි-අනුර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තමාට එරෙහිව නඩු පවරන්නේ නම් ඒ අවස්ථාව සතුටින් භාර ගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
බැඳුම්කර සිද්ධිය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අභියෝග කර සිටී.
මහින්ද රාජපක්‍ෂ මහතාට ද්වේෂ සහගත ලෙස අපහාස කිරීමට එරෙහිව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්‌ඩාර, රන්ජන් රාමනායක සහ ගායක සුනිල් පෙරේරා යන මහත්වරුන්ගෙන් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
නව දේශපාලන ප්‍රවණතා සහ වෙනස් වීම් ඉදිරියේ ලෝකයේ දියුණු ව්‍යවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බැවින් තම නායකත්වය නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පවසන්නේ.