මහින්ද රාජපක්ෂට අගමැතිධුරය රැක ගැනීම සඳහා ජනාධිපති සිරිසේන මැදිහත්ව එය සාර්ථක කර ගනිමින් සිටින විට එය කඩාකප්පල් වන ලෙස බැසිල් රාජපක්ෂ කටයුතු කළ බවට ගොඨා පාර්ශ්වය චෝදනා කරමින් සිටින බව එම කල්ලියේ ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් තමන්ට ඇති බව කියමින් මහින්ද රාජපක්ෂට අගමැතිධුරය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා පොරොන්දු වූවද එසේ නොකිරීමට අසමත් වීම ගැන අද දින උදෑසන මහින්ද රාජපක්ෂ , ජනාධිපතිවරයාගේ මූණටම දැඩිව දොස් පැවැරූ බව ජනාධිපති කර්යාල ආරංචි මාර්ග පවසයි.

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයා තමා දැරු දේශපාලන ස්ථාවරය වෙනස් කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. ඊයේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමද විනාඩි 40 කට සීමා වී තිබේ. විශේෂ වැදගත් කිසිවක් ගැන එහිදි සාකච්ඡා කොට නැත.

අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නිසා බයෙන් බිරාන්ත වී සිටින ජනාධිපති සිරිසේන හදිස්සියේම හොර ඇමැති මණ්ඩලය කැබිනට් කාර්යාලයට කැඳවා ඇත.

සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකළ අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීම දැනුම් දෙමින් මීට මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත මහින්ද රාජපක්ෂ ලිඛිතව දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සිරිසේන ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අත්හිටුවීමේ අතුරු නියෝගයත් සමඟ රාජ්‍ය මාධ්‍ය ආයතනවල සිටින මහින්දගේ හොර ගොබිලන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙයි.

සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රි ලංකාවේ ප්‍රජාතනත්‍රවාදය අධිකරණයේ සුරක්ෂිත භාවය ගැන කොළ එළියක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ld add copy

Latest News

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත ප...

Connet With Us