ලෝකයේ අවම මාධ්‍ය නිදහසක් ඇති රටවල් 20 අතර ශ්‍රී ලංකාව ද සිටින බව "දේශසීමා රහිත වාර්තාකරුවෝ" නම් ජාත්‍යන්තර සංවිධානය 2015 වර්ෂය සඳහා සකස් කළ ලෝක මාධ්‍යයේ නිදහස පිළිබඳ දර්ශකය ඇතුළත් වාර්තාව සඳහන් කරයි.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද(20) යළි ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූවේය.
ශ්‍රී ලංකා සාගරය සමුද්‍ර දුෂණයෙන් රැක ගැනීමට මෘදුකාංගයක්
ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දුෂණය වීම වැළැක්වීම සදහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් හදුන්වාදීමට පියවර ගෙන තිබේ.
හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූපසිංහ හා හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන තිදෙනාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) රුපියල් පනස් දහස බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් ශරිර ඇප නිමය කළේය.
ජනමාධ්‍ය අමාතයංශය මූලිකත්වයෙන් රජයේ සියළු මාධ්‍ය ආයතන එකව පවත්වාගෙන යන ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සිය පාඩු ලබන ආයතනයක් බව කියමින් වසා දැමීමට තීරණය කර තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලේ අද (20) දිනයේ පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස විමල් විරවංශ මහතාට මින් පෙර දැනුම් දී තිබු බවයි.
2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සහ ලංකා හොස්පිටල් ආයතනයේ හැරී ජයවර්ධන මහතාට අයත් කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.
මහ බැංකු අධිපති බෑනාගේ සමාගම ක්‍රියා කළ හැටි අසාමාන්‍යයි- විමර්ශන කමිටුව කියයි
සුරැකුම්පත් වෙන්දේසියේදී ඒවා ලබාගත් මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් නමැති සමාගම ක්‍රියාකර ඇති ආකාරය අසාමාන්‍ය බවත් මේ පිළිබඳ සොයා බැලීමට නිසි රාජ්‍ය අධිකාරියකින් සම්පූර්ණ විභාගයක් පැවැත්විය යුතු බවත් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන කමිටුව නිර්දේශ කර ඇත.