විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අවධියේදී නුගේගොඩ පැවැති ඔහුගේ පළමු ‍රැළියේදී අපූරු කතාවක් කීවේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කැ‍රැල්ලකට යොමු වීම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට බරපතල හානියක් වූ බවට අනෙක් පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනාවන්ට පිලිතුරක් ලෙසය. ඔහු එදා ඊට පිලිතුරු බැන්දේ,එම චෝදනාව මිනිහෙකුගේ අතපය හතර බැඳ දමා ළිඳකට තල්ලු කරදමා ඒ මිනිහා ඉන් ගොඩ ඒමට දඟලන විට ළිඳ බොර උනාම, අන්න අරූ ළිඳ බොර කළා යනුවෙන් කරන චෝදනාවට සමාන බවය.

ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. ප්‍රදේශ දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී ඇත. කුමන මිනිසෙකු හෝ ඝාතනය කිරීම සමාජයක් විසින් හෙලා දැකිය යුතු කාරණයකි. එමෙන්ම විවිධ මාධ්‍ය මගින් මේ ඝාතනයන් දෙක නොයෙක් ආකාරයට සාධාරණය කිරීම් සහ ඒවා පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම ලංකා මාධ්‍ය වැටී ඇති පහත් තත්වය පෙන්නුම් කරයි.

නළුවන් නිළියන් තම රංගන ජිවිතයේ දී රඟ දක්වන ඇතැම් ජවනිකා කෙදිනක හෝ සිය ජීවිතයේ දී සැබැවින් ම අත්දකින්නට ලැබූ අවස්ථා දක්නට ඇත. ඒ අතුරින් මා මතකයේ රැඳී ඇති එක් දෙබස් ඛණ්ඩයක් ඇතුළත් වූයේ විජයකුමාරතුංග රඟපැ ‘‘මමයි රජා’’ සිනමා නිර්මාණයේ ය. මගේ මතකයට අනුව එහි එක් අවස්ථාවක විජය මෙබඳු දෙබසක් පවසයි.

ජනාධිපතිගේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නුගුණ සහෝදරයා වන වැලි රාජුට පොරෝ පහරක් වැදී තිබේ. පොරෝ පහරක් ඔලුවට වැදුනා කිව් ගමන් මතකයට ආවේ රුසියානු විප්ලවයේ අණ දෙන්නා වූ ලියෝන් ට්‍රොස්කිගේ ඔළුවට ස්ටාලින් ගෙන් වැදුනු පොරෝ පහරයි. ලෙනින් විසින් කූටාප්‍රාප්තියට ගෙන එන ලද සමාජවාදී විප්ලවය ආපසු කැ‍රැ කැවීමට ස්ටාලින් විසින් රුසියානු කොමියුනිස්ට්පක්ෂය දෙකඩ කරමින් ගෙන ගිය සංහාරාත්මක ව්‍යාපාරයට එදිරිව සිටි ට්‍රොස්කි මරා දැමීමෙන් ස්ටාලින් තම සටන ජයග්‍රහණයෙන් කෙලවර කර ගත්තේය. ඒත් සමාජවාදී රුසියාව ලෝක විකාරයක් වී මහ විනාශයන් ගනණාවක් සමඟ අහවර විය.

සැබැවින් ම අද ආශ්චර්යමත් දිනයකි. ඒ මා සතුව පැවති හඬ පටිගතකරන යන්ත්‍රය වෙනුවට නව මාදිලියේ නවතම හඬ පටිගතකරන යන්ත්‍රයක් මා වෙත ලැබීම නිසා පමණක් ම නොවෙමි. ‘‘ආශ්චර්ය’’ නමැති වදන ද අවභාවිතාවේ යොදවමින් පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ සහ සිදු කළ විපරීතකරණයට සාපේක්ෂව ගත් කල අද මට ආශ්චර්යමත් දිනයකි. එය හුදෙක් මට පුද්ගලිකව අත්වු වාසියක් නිසා නොව අප කිසිවකු සිහිනෙන්වත් නොපැතූ යමක් සිදුවීම නිසාවෙනි. එනම් කිසිවකු නොසලකා සිටි පිරිසක්, නිකම්ම නිකම් පිරිසක් නොව නිර්මාණකරුවන් පිරිසක් සම්මානයට පාත්‍ර වීම හේතුවෙනි.

මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා ගනිමින් රාජ්‍ය දේපළ බෙදා හදාගෙන කෑම මහින්දගෙන් ලද තවත් දායාදයකි.


පසන් නික්ම ගොසිනි. හෙට මට ඔහුගේ නිසල දේහය බලන්නට යන්නට සිදුවී ඇත. දෛවය එතරම් කුරිරුය. ධම්ම ජාගොඩගෙන් පසු ආටෝනියානු කුරිරු රංගයේ ප්‍රාමාණික න්‍යායාචාර්යවරයා වූ ඒ සුපසන් මිතුරා නික්ම ගොසිනි.

මහින්දට සහය දෙනු ඇතැයි සිතා සිටි හොර තක්කඩියන් පිරිසක් මෛත්‍රීපාලනයට සහය දීමට තීරණය කිරීම නිසා මහින්දවාදීන් නැත්නම් බයියන් යනුවෙන් තමන් විසින්ම නාමකරණය කර ගත් පිරිස දැන් සිටින්නේ බලවත් අර්බූදයකට මුහුණ දෙමිණි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us