ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළදී තෙවරක් ( 2015 සිට 2001 – 2004 සහ 1993 – 1994) අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ උගත් බුද්ධිමත් රාජ්‍යතාන්ත්‍රික බවින් විශිෂ්ටත්වයට පත් දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. රටේ අභිවෘද්ධිය හා යහ පාලනය ස්ථාපිත කිරිම වෙනුවෙන් දැක්මක් ඇති දූරදර්ශී නායකයකු වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත කළ හැකිය.

හිටි හැටියේම ඊයේ ඇමැති මණ්ඩලයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පත් කිරීමත් සමඟ නනාප්‍රකාර විවේචන හා ඒ අනුමත කිරීම් ‍රැසක් ඉදිරිපත්ව තිබේ. මේ ජාතික ආණ්ඩු කතා බව හදිසියේ වූවක් නොවේ. ඒ ජනාධිපතිවරණයටත් පෙරාතුව තිබුණකි.

බ්ලොග් යන වදන බිඳී ආවේ වෙබ්ලොග් යන්නෙනි. 1990 තරම් මෑත කාලයකට අයත් ඉතිහාසයක් ඇති බ්ලොග් ලිවීමට දැන් වයස 25කි. බ්ලොග් යන, අන්තර්ජාලයට මුදා හරින තනි පුද්ගලයකු හෝ කණ්ඩායමක් ලෙස පවත්වාගෙන යන වෙබ් අඩවි වර්ගයක් ලෙස සරලව කිව හැකිය. එමෙන්ම එය වියුණු සටහන් ලෙස සිංහලෙන් වර නැඟිය හැකිය. පුද්ගලික සහ පොදු අදහස්, එදිනෙදා පුවත්, සේයාරූ, වීඩියෝ, ශ්‍රවණ ගොනු මෙන්ම වෙබ් සබැඳි බ්ලොග් අඩවි තුළ ඇතුළත් කළ හැකිය. වර්තමානයේ යුනිකෝඩ් භාවිත කර සිංහලෙන් ලියන බ්ලොග් අඩවි ද රාශියකි.

මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද කහදගම බැලීමට වැලිකඩගිය බවත් සඳහන්ව තිබුනි. ඉදිරියේදී මහින්ද රාජපක්ෂට තම ගෝලබාලයින් බැහැදැකීමට දිනකට දිවයින පුරා ඇති බන්ධනාගාර සියල්ලටම යාමට සිදුවේවා යන්න අපේ පැතුමයි.

හැට හත් වැනි නිදහස් සමරුව ඉක්ම ගොස් දැන් මාසයකි. අලුත් ආණ්ඩුවේ පොරොන්දු පෙළ ගැස් වූ දින 100න් හරි අඩක් ගෙවී අවසන් වෙන්නටත් කලින් මහින්ද රාජපක්‍ෂ පෙරටු කොටගත් ‘ජාතිය ගළවාගැනීමේ සරණාගත සන්ධාන’ යළිත් ආණ්ඩු බලය පිහිටුවීමේ තර්ජනය නුගේගොඩට බලමුළු ගැන් වූ මහා ජනකායකින් ප්‍රදර්ශනය කළහ.

මෙරට විසූ ප්‍රකට සමාජ විද්‍යාඥයකු මෙන් ම රැඩිකල් වාම මතධාරියකු වූ ආචාර්ය නිව්ටන් ගුණසිංහ මහතාගේ 26 වන ගුණානුස්මරණය පසුගිය 16 වන දින (2015 මාර්තු) කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිදයා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැතිවිණි. එහි මුඛ්‍ය දේශනය පැවැත්වුයේ එම විශ්වවිද්‍යාලයේ ම ආචාර්යවරයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසිනි. එය නම් කොට තිබුණේ ‘‘දෘෂ්ටිවාදය සහ දේශපාලනය 1983 න් පසු ලංකාව තේරුම් ගැනීමට බුද්ධිමය වෑයමක්’’ යනුවෙනි.

වරෙක කෙදිරියක් ලෙසත්, වරෙක ආඩපාලී කීමක් ලෙසත්, වරෙක සමච්චලයක් ලෙසත්, වරෙක චෝදනාවක් ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හඬ වරින් වර ජනමාධ්‍ය තුලින් අසන්නට සහ දකින්නට ලැබේ. ඔහුගේ සෑම ප්‍රකාශයකම ඇති හඬ කුමක් වුවත් එයින් ගම්‍ය වන්නේ චෝදනාවක් ලෙසින් මතුකරන තමන් අත වරදක් නැතුව අන්අයගේ කුමන්ත්‍රණයක් තුලින් තමන්ව බලයෙන් පහකරනු ලැබූ බවයි. ජනාධිපතිවරණය පරාජයෙන් පසු ඔහු මුලින්ම ජනේලයක එල්ලී කියා සිටින්නේ තමන් පැරදුනේ නැති බවකි.

මහින්ද රාජපක්ෂගේ මැතිවරණ පරාජය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ යම් තිරිහන් වීමක් පෙන්නුම් කෙරෙතැ යි පොදුවේ විශ්වාස කෙරේ. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන වූත්, තීරණාත්මක වූත් ජයග්‍රහණයක් වන බව ඉන් නොකියැවේ. නුගේගොඩ සහ ඉන් අනතුරුව මහනුවර පවත්වන ලද රාජපක්ෂවාදී විශාල මහජන රැළිවලින් පෙනෙන්නේ, ශ්‍රී ලංකාවේ වර්ගවාදී නව-ෆැසිස්ට්වාදය කෙරෙහි එක දිගටම පවතින ආකර්ෂණයයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us