ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් කර ගැනීම සඳහා මුලිකත්වය ගත් ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායක ඇලෙක්ස් සැමන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.
ඕස්ට්‍රේලියාවෙත් ත්‍රස්තවාදියෝ -මහා පරිමාණ වැටළීමක්
ඉදිරි වසර පහ ඇතුළත ඉන්දියාවේ යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන විස්සක් ආයෝජනය කෙරෙන ගිවිසුම්වලට චීනය අත්සන් තබයි.
අැමරිකාව සමග මිලිටරි සන්ධානයක යෝජනාවට ඉරානයේ විරෝධය
තම අවශ්‍යතාවයන් ඉටුකරගැනීම පෙරදැරිව ක‍්‍රියාත්මක වන ඇමරිකාව සමග මිලිටරි සන්ධානයකට නොයන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කාමේනි පවසා තිබේ.
තවත් මලයාසියානු ගුවන් යානයක් උඩු ගුවනේදී ඇතිවු දෝෂයක් නිසා යළි මලයාසියාවට ගොඩබස්වා ඇත. ක්වාලාලාම්පුර් නුවර සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර දක්වා ගමන් ගනිමින් තිබු ගුවන් යානයක් මෙලෙස ගුවන් ගත කර පැය 4 කට පසු යළි ක්වාලලාම්පුර් ගුවන් තොටුපළටම ගොඩ බැස්සවු බව වාර්තා වේ.
ඇමරිකානු ගුවන් හමුදා ප‍්‍රතිඥාවේ එන වාක්‍යයක් පැවසීමට අකමැතිවූ අදේවවාදී ගුවන් සෙබළෙකුගේ සේවා කොන්ත‍්‍රාත්තුව අළුත් කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
සිය ආරක්ෂාවට ගමන් කළ පොලිස් මෝටර් සයිකලයක් මෝටර් රියක ගැටෙනු දුටු හැරී කුමරු කම්පනයට පත්ව ඇති බව වාර්තා වෙයි.
