අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන දෙදරු මවකි. ඇය පසුගිය නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා ගොස් අැත. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ අතුරුදහන් කරන ලද ඇගේ සැමියා වන මධුෂ්කව සොයා ගැනීමට දිවා රෑ නොබලා වෙහෙසෙන අතර තුරදීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට සිදුකරන බාධා කිරීම් පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස් සීඩ් රා අඩ්අල් හුසේන් සිය අප්‍රසාදය පළ කර තිබේ. 
දේශගුණය වෙනස්වීම වැලැක්විය නොහැකි මට්ටමට එළඹ ඇති බවත් කිසිදු සැකයකින් තොරව එයට තුඩුදුන් හේතු මිනිස් ක්‍රියාකාරීකම් නිසා ඇති වූ ඒවා බවත්  වවිධ රටවල ව්ෂේශඥයන්ගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ දේශගුණය වෙනස්වීම පිළිබඳ අනතර්ජාතික මණ්ඩලය (IPCC) ඩෙන්මාක්හි කෝපන්හේගන් අගනුවර පැවැති රැස්වීමේදී එකඟව නිකුත් කළ විෂ්ලේශන වාර්තාවේ සඳහන් වෙයි.  මේ වර්තාව පසුගිය හත්වසර තුළ දේශගුණය වෙනස් වීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ඉතාමත් පරිපූර්ණ වාර්තාව වශයෙන් සැලකේ.

ස්විස්ටර්ලන්තයේ ජීනීවහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවස අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව LTTE සංවිධානයට සම්බන්ධ තුරෙයි රාජා නම් පුද්ගලයකුට ලබා දීමට එවකට එහි තානාපතිවරිය වූ වත්මන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය කටයුතු කර ඇති බවට මේ වනවිට හෙළිවී තිබේ.

මාසයේ 8 වැනිදා දිනය ජනාධිපතිවරයාගේ කේන්ද්‍රය අනුව සුබ දිනයක්යැයි ඔහුගේ නැකැත්කායන්ගේ මතයයි. මේ නිසා පසුගිය කාලයේ පැවැති බොහෝ ඡන්ද විමසීම් ඔහුට සුබ දිනය වන 8 වැනිදාවක පැවැත්වෙන ලෙස කටයුතු කොට තිබේ.

තමන් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව 'පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරයේ' අතුරලියේ රතන හිමියෝ අවධාරණය කරති.

මෙක්සිකෝවේ ඉගුවාලා නගරයේ ශිෂ්‍යයන් 43 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව එහි මත්ද්‍රව්‍ය කල්ලියක් පිළිගෙන අැත.
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට අරමුණු කරගත් පොදු වැඩපිළිවෙළක්‌ සඳහා  එක්‌සත් ජාතික පක්‍ෂය එකඟවීමට තීරණය කර ඇත. ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා පත්කොට ඇති එක්‌සත් ජාතික පක්‍ෂයේ විසිදෙනකුගෙන් යුත් කමිටුව සිරිකොතදී ඊයේ (07 දා) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මේ  තීරණය ගෙන තිබේ.

ld add copy

Connet With Us