අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධාන පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 18ගේ සහය විපක්ෂයට එක්විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කොන්දේසි විරහිතව සහාය දක්වන බව ඥානාසාර හිමියන් පවසයි.
 
ඒ  හිමියන් මේ බව පවසා සිටියේ අද(24) කිරුලපණ බෝධි බෞද්ධ  මන්දියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.    

නත්තල් උත්සවය හේතුවෙන් අත්අඩංගුවේ පසුවන ධීවරයන් රැසක් මුදා හැරීමට ඉන්දු ලංකා රජයන් කටයුතු කර අැත. ඒ අනුව ඉන්දියාව විසින් ඊයේ මුදා හරින ලද ලාංකීය ධීවරයන් තිස් දෙනා අද මෙරටට ළගා වීමට නියමිතය.

එක්සත් අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකයින් 1500 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් සිරිකොත මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වෙද්දී පිටතින් පැමිණි ‍250ක පමණ පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

එ.ජ.නි.සයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාව ඊයේ(23) පෙරවරුවේ රජයේ සහ පුද්ගලික  රුපවාහිනී නාලිකා මගින් සජීවිව විකාශනය කෙරුණු අතර තැපැල් ඡන්දය පැවැත්වෙන අතර තුරදී දේශපාලන පක්ෂයක් සජීවී රූපවාහිනී විකාශනයක් සිදු කිරීම ඇදහිය නොහැකි තරමේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පෙන්වා දෙයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති ධුර අපේක්‍ෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (24 දා) පස්වරු 4.00 ට කඹුරුපිටියේ පැවැත්වෙන මහජන රැලිය ඇමතීමට නියමිතය.

වර්තමාන ආණ්ඩුව විසින් ව්‍යාජ අයුරින් සකස් කරන ගිවිසුම් ඉදිරිපත් කරමින් ජනතාව නොමග යැවීමේ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) මාලඹේ පැවති ජන රැළියක් අමතමින් පැවසීය.

තැපැල් ඡන්දය භාවිතා කිරීමේදී ආරක්ෂයේ අංශයේ සේවයේ නියුතු පිරිස් හට දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතින බව ආනාවරණය වේ.

ld add copy

Latest News

ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක්

ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක්

ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන...

Connet With Us