මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කළ යුතු බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න විදේශ විනිමයක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළත මෘත දේහයන් ආදාහනය කිරීම සදහා ගාස්තු අය නොකිරීමට කොළඹ මහ නගර සභාව තිරණය කොට තිබේ.

මෙවර මහ කන්නයේ (2025/26) නාඩු වී අස්වැන්න ඉහළ මට්ටමක පැවැතීම නිසා නාඩු වී කිලෝවක මිල ගණන් පහත වැටී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

අද (12) දිනයේ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වෙයි.

රජයේ රෝහල්වල හෙද හෙදියන් 20,000කගේ හිඟයක් මතුව ඇති බවත් හෙද කාර්ය මණ්ඩල මුහුණ දී තිබෙන ප්‍රශ්න විසඳීමට සාකච්ඡාවක් නොදෙන සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දැවැන්ත වර්ජනයකට යන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවැසීය.

කොටස් වෙළෙඳපොළ පහළට

Published in පුවත්
Wednesday, 11 February 2026 19:49

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) ඒකක 4.59කින් පහළ ගොස් තිබේ.

ld add copy

Connet With Us