වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පුරසාරම් දොඩන සංවර්ධන ව්‍යාපෘති සියල්ල තමන් ජනාධිපතිනිව සිටි සමයේ ආරම්භ කළ ඒවා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග මහත්මිය පවසයි.

තම නිවස ඉදිරිපිට සවිකළ නීති විරෝධී කටවුට් එකක් පිළිබද විරෝධය පළ කළ, දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ තුසිත වීරසිංහ මහතාගේ නිවසට පැමිණි පිරිසක් අද (3) අළුයම 2.30 ට පමණ එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වාර්තා වු 9 වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙයයි.

සුදොතුම්පියතුමාගේ සංචාරය මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා යොදා ගනිමින් විවිධ පාර්ශ්චව දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ කරමින් සිටින බව කිතුනු හඬ සංවිධානය චෝදනා එල්ල කරයි.

ජනවාරී 08 වන දින තමා ජනාධිපතිවරයා ලෙස මෙරට ජනතාව විසින් පත් කරනු ලැබීමෙන් පසුව පොරොන්දු වූ පරිදී දින සියය තුල එම ධුරයේ විධායක බලතල අහෝසි කරන තෙක් ජනාධිපති මන්දිරයට නොයන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට බස්නාහිර පළාත් සභා සන්ධාන මන්ත‍්‍රී කීර්ති කාරියවසම් මහතා තීරණය  කර ඇත.

අ.පො.ස සාමාන්‍යපෙල විභාගය සදහා උපකාර පන්ති සහ සම්මන්ත‍්‍රන පැවැත්වීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට විභාග කටයුතු අවසන් වනතෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. සාමන්‍ය පෙල විභාගයට අදාල අනුමාන ප‍්‍රශ්ණ පත‍්‍ර බෙදා හැරීම, ඊට අදාල දේශණ පැවැත්වීමද මේ යටතේ තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සදහන් ක‍ළේය‍‍.

මෙවර ජනාධිපතිවරණයේදී පොලිසිය මෙහෙයවීමේ කටයුත්ත පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධයක්‌ නැති වෙනත් නිලධාරියකු විසින් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීම පිළිබඳව පොලිස්‌ නිලධාරීහු දැඩි අප්‍රසාදය පළකර සිටිති.

ජනපතිවරණය සඳහා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇප මුදල් තැනපත් කිරීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවූයේය.

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us