මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දැනුම්දීමට නියමිතව තිබේ.

පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරිමේදි අඩු පීඩන තත්ත්වයක් හෝ ජලය නොලැබි යමේ තත්වයන් ඇති විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සහ අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තු සම්බන්ධයෙන් රජය නිවැරදි ක්‍රියාමාර්ගවලට යොමු නොවූනහොත් අගහරුවාදා (31) සිට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 115 සීමාව ඉක්මවා ගොස් තිබේ.

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් තොග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

මාසිකව සිදු කරන‍ මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් හෙට (29) දිනයේදී දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයන් හී ප්‍රදේශ කිහිපයකට පැය 05ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us