එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (16) දිනයේ ගනු ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද(16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවලදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් සිදු කිරීමට තමා ආරම්කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමෘද්ධි අධිකාරියෙන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර් ග්‍රහණය වීමේදී වැටුප් අඩු වු සමෘද්ධි නිලධාරීන්ගේ වැටුප්, දිරි දීමනා ඇතුළු සියලු ගැටලුවලට ලබන සතියේ පැවැත්වෙන ඇමති මණ්ඩලයේදී විසඳුම් ලබාදීමට රජය තීරණය කර ඇත.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ගේ වන ‌සරත් ෆොන්සේකාගේ ඡන්ද සලකුණ ලෙස ළන්තෑරුම ලබාදී තිබේ.

ld add copy

Connet With Us