ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ පංච ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා ඊයේ (06) ඉවත් වුණි.

සංචාරක වීසා ගාස්තු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ඊයේ (06) ගත් තීරණය අද (07) සිට ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

හෙට (08) දිනයෙන් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

යල කන්නයේ වී වගාව සඳහා බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම් වලට හෙට(7) සිට මුදල් බැර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය  පවසයි. 

ජංගම දුරකතන පරිශීලනය කරන ගනුදෙනුකරුවන් විසින් නොදැනුවත්ව තමන් නොදන්නා සබැඳි (links) මත ක්ලික් කිරීම හා වංචා සහගත යෙදුම් (apps) සහ ගොනු (file) බාගත කිරීම (download) ආශ්‍රිතව, ගෝලීය හා දේශීය වශයෙන් සිදු වන මූල්‍ය වංචාවන්ට අදාළ සිදුවීම් කිහිපයක් පිළිබඳව අප වෙත තොරතුරු ලැබී ඇත.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ (Government Medical Officers Association - GMOA) සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් 2024.05.03 වන අද දින පොලිස් මුලස්ථානයේදී පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

ld add copy

Latest News

අදත් රටේ තැනින් තැන වැසි

අදත් රටේ තැනින් තැන වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්ව...

Connet With Us