දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 3100 ක් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ පවසයි.

Shell සන්නාමය සහිත ඉන්ධන සිල්ලර වෙළඳාම මෙරට තුළ නැවත ආරම්බ කෙරේ. Shell Brands International AG (Shell) සහ RM Parks (Private) Limited සමාගම් අතර ගිවිසුම් අත්සන් කිරීම මේ වන විට සිදු ඇති අතර ඒ් අනුව Shell සන්නාමය සහිත ඉන්ධන පිරවුම් හල් මේ වසර අගදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසෙනු ඇත.

පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව වඩා වේගයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ ශක්තිමත් මානව සම්පතක් තිබූ නිසා බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  පවසයි.

එළැඹෙන උත්සව සමයේදී  පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්  පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවට පිවිසීම දුප්පත්කම දුරු කිරීමේ මූලාරම්භයක්  බව මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසා තිබේ.

ඔත්තුවට තෑග්ගක්

Published in පුවත්
Friday, 22 March 2024 08:11

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන්  දෙන ලද තොරතුරු සදහා  පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර තිබේ.

අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ රැකියාවල නිරතවන ගැබිණි කාන්තාවන් මළදරුවන් බිහිකිරීමේ හා ගබ්සාවන්ට මුහුණදීමේ වැඩි අවදානමක් ඇති බව ඉන්දියාවේ සිදුකළ නවතම පර්යේෂණයකදී අනාවරණ වී තිබේ.

ld add copy

Connet With Us