පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගීවී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

රටවල් 7ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් Visa ගාස්තු අය නොකිරීම තවත් මාසයකින් දීර්ඝ කර තිබේ.

උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදැරූ 500 දෙනෙකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.

9 ශ්‍රේණියෙන් ඉහළ පාසල් දරුවන් සඳහා පාසල් කාලය තුළදීම වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අලියා ලකුණින් හෝ පොහොට්ටුව ලකුණින් නොව සියලු දෙනාට එකගවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයෙකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා නම් පමණක් තමන් ඔහුට උදව් කරන බව ප්‍රසන්න රණතුංග පැවසීය.

ld add copy

Connet With Us