කයිවාරු විවේචන විතරක් එපා විපක්ෂයට වැඩ පිළිවෙලක් නෑ. වැඩ පිළිවෙලක් තියෙනව නම් රටේ ප්‍රශ්න විසඳන විදිය පැය 24ක් ඇතුළත ජනතාවට කියන්න...

ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂක ආයතනයක් වන PwC සමාගමේ, ශ්‍රී ලංකා කාර්යාලය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ තම නවතම වාර්තාව 2021 නොවැම්බර් 09 දින ආර්ථික කොමිසම හමුවට ඉදිරිපත් කළේ ය. සාර්ව ආර්ථික විචල්‍යයන් 5 කට, එනම් රැකියා නියුක්තිය, සෘජු විදේශ ආයෝජන, ගෙවුම් ශේෂය, අගය එකතු කිරීම් සහ රජයේ ආදායම යන අංශ වලට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් ලැබෙනු ඇති දායකත්වය මෙම වාර්තාව තුළදී විශ්ලේෂණයට ලක්කර තිබේ.

එළැඹෙන අයවැයෙන් යෝජිත වැටුප් විෂමතාවයේ සම්පූර්ණ කොටස එකවර ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගුරු – විදුහල්පති සංගම් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.

තමන් හෝ තම අමාත්‍ය මණ්ඩලය මෙන්ම මන්ත්‍රී කණ්ඩායමෙන් ජනතාව බලාපොරොත්තු වන වගකීම් ඉටු නොකළ හොත් යළි පැරණි කණ්ඩායම් බලයට ගෙන ඒමට කටයුතු නොකරන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

රට පුරා ඇති තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසා තිබේ.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා යොදා ගත හැකි අමෙරිකාවේ නිෂ්පාදිත ‘මොල්නුපිරවීර්’ (Molnupiravir) ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරි සතියේදී ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබේ.

සන්ධාන ගත වූ පක්ෂ සමඟ ඉදිරියට යාමට අග්‍රාමාත්‍යවරයා සතු පරිණත නායකත්වය අගය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පාස්කු ප්‍රහාර මාලාවට සම්බන්ධ මහ මොළකරු නවුෆර් මව්ලවි ඇතුළු ප්‍රධාන පෙළේ සැකකරුවන් 56 දෙනකුට එරෙහිව ගොනුකළ නඩු මේ මස සිට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට ගැනීමට සැලැසුම් කර තිබේ.

ld add copy

Connet With Us