අවසරයකින් තොරව පාන් පිටි මිල රුපියල් 18කින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සෙරන්ඩිබ් ආයතනයට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වන බව වාර්තා වෙනවා.

ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කාර්ය සඳහා අවශ්‍යව පැවැති ත්‍රීරෝද රථ 2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්‍රදානය කිරීම ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් වැඩ කළ යුතු බව ඊයේ දින ‍‍දිවයින පුරා ගම්මාන 500ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටිති.

සිය ආයතනවල සේවකයන් ඉවත් නොකර රැක ගනිමින් මෙම වසංගතය සමඟ මතුව ඇති අභියෝගවලට මුහුණ දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලීමක් කර ඇත.

පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා.

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද (01) සිට ක්‍රියාත්මක වේ.

ගස්ලබු අපනයනයෙන් 2018 වසරේදී රුපියල් පනස්හත්කෝටි තිස්අටලක්ෂයක් සහ 2019 දී රුපියල් කෝටි එකසිය තුනක ආදායමක් ලබාගෙන ඇත.

එම වසර දෙක තුළ පිළිවෙලින් ගස්ලබු මෙට්‍රික්ටොන් හැත්තෑ දෙදහස් හත්සිය අසූ දෙකක් සහ මෙට්‍රික් ටොන් හැත්තෑඅටදහස් අටසිය හතළිස් තුනක් මෙරටදී නිෂ්පාදනය කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය .

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us