ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය අද (01 වැනිදා) සහ හෙට (02 වැනිදා) අසනීප නිවාඩු වාර්තා කිරීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව එම සංගම් සදහන් කරයි.

ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30 වැනිදා) නඩුවක් පවරා තිබේ.

අද (30) පෙරවරුවේ ආරම්භ කළ සංකේත දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි. ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකින් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන තිබේ.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ, දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවය.

මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළ ත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවකට විදෙස් ප්‍රේෂණ ආයෝජනය කරනු ලබන විශේෂ තැන්පතු ගිණුම් සඳහාද අතිරේක පොලී අනුපාතිකයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට මුදල් ඇමැති ලෙස අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙ​ෙහළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබෙනවා.

අර්බුදයට ලක්ව තිබෙන මෙරට සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන්ට ලබා දී ඇති සහන තවදුරටත් ලබාදීඹ කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේනවා .

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියැදුරු හා නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති 34 ක් අද (30 වැනිදා) වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ප්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් පසුගිය අප්‍රේල් මස 21 වනදා පාර්ලිමේන්තුව තුළ සිදු වු සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කථානායකවරයා වෙත භාර දීමට නියමිතව තිබේ.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us