ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ජුලි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.

බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදයක් මෙරට දී හඳුනාගෙන තිබේ. එම කොවිඩ් ප්‍රබේභේදය කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල පැතිර යන බවට හඳුනා ගෙන ඇත.

දුම් සහතිකය ලබා ගැනීමේදී අය කරන ගාස්තුව මත 25%ක පරිසර අධිභාරයක් නව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මගින් සියලුම පෞද්ගලික වාහනවලින් අය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

නිරෝධායන රීති කඩ කිරීමට අදාළව මුහුණු ආරණ නොපැළඳ හෝ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධව යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වරදකරුවෙකු වුවහොත් ඔහුට රුපියල් 10,000ක දඩයක් හා මාස 6ක සිර දඬුවමකින් දඬුවම් කිරීමේ හැකියාව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර ඇත.

දරුවන් ආරක්ෂා කර ගන්න ! සෞඛ්‍ය කාර්යාංශ විසින් මව්පියන්ට ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර සහ කෘෂි රසායනයන් බාවිතය මුලුමනින්ම අහෝසි කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තීන්දු කර ඇති අතර ඒ වෙනුවෙන් වන කැබිනට් පත්‍රිකාව ඊයේ (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.( එය පහත දැක්වේ)

ld add copy

Connet With Us