ඉන්ධන මගින් ධාවනය වන බස් රථ වෙනුවට විදුලි බස් රථ මිලදී ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙයි.

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහන අද (21) දිනයේ ද ක්‍රියාත්මක වේ.

දීර්ඝ කාලයක් රට වසාතැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සඳහන් කළේය.

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් නිරෝධායන ඇඳිරිනීතිය දැමීමේ තීරණයට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඔක්සිජන් ටොන් 100 ක තොගයක් පැටවු කන්ටේනර් පහකින් සමන්විත නෞකාවක් ඉරිදා (22) වන විට මෙරටට ළඟා වීමට නියමිතව තිබේ.

ලාෆ් සමාගමේ ගෑස් සිලින්ඩරයක මිල වැඩි වීමට සමානව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම විසින් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කිරීමට නියමිත, ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් රු.1998/=ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් නිවසටම ගෙන්වා ගැනීමේ නිල සමාරම්භක අවස්ථාව අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග අන්තවාදී සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙරටට හා කලාපයට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.

ld add copy

Latest News

Connet With Us