පාර්ලිමේන්තුව කල් තබා රටේ අගමැති වෙනස් කර ඇමැති මණ්ඩලය වෙනස් කරමින් රටේ බලය නීති විරෝධීව අල්ලා ගෙන ක්‍රියාත්මක කරන්නේ හිට්ලර් පන්නයේ පැසිට්ස්වාදී පාලනයක් බව මේ වන විට පැහැදිලිය.

කතානායක කරූ ජයසූරිය පවතින ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අද නිකුත්කළ නිවේදය සිර මරා බලු පූට්‍ටුව දෙදරුම් කෑමට සමත්ව තිබේ.

ඊනියා අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සිය පියාට පාර්ලිමේන්තුවේ බහුතරය සැදීම සඳහා සහජීවන නැටුමක් නටමින් සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ දිගු කාලීන ඉල්ලිමක් වූ සියලුම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඉතා ඉක්මනින්ම සිදු කරන බවට ඔහු ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය හා ජපානය ඩොලර් බිලියනයකට වැඩි සංවර්ධන ව්‍යාපෘති තමාව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමත් සමඟ හකුළා ගත් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ, රනිල්ගේ අගමැතිකම හොරා කෑ පසු අපේ ‍රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙක් රාජපක්ෂ හමු වීමට ගොස් තිබේ. එහිදී ඔවුන් සියලු දෙනාගේ එකතුවෙන් සකස් කළ යෝජනාවලියක් රාජපක්ෂට ලබා දීමට ඔවුන් කටයුතු කර ඇත.

එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රීලනිපය ප්‍රමුඛව පොදුජන පෙරමුණේ සන්ධානයකින් ඉදිරිපත් වන ජනාධිපතිධුර අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වීමට තීන්දු කර තිබේ. ඒ අනුව මේ වන විට 19 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙවරකව වැඩි වාරයක් ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් වීමට නොහැකි බවට තිබෙන ව්‍යවස්ථා ප්‍රතිපාදනය ඉවත් කිරීමට තීන්දු කර තිබේ.

ශ්‍රීලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක සංධිස්ථානයක් විය හැකිව තිබු ශ්‍රී ලංකාව-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම අහෝසි කිරීමට එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සූදානමින් පසුවන බව දැන ගැනිමට තිබේ.

පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතාට ව්‍යවස්ථානුකූල බලයක් පැහැදිලිව තිබියදී එය සිදු කළ නොහැකි බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ව්‍යාජ නිති තර්ක මතු කරමින් ඒ වැලැක්වීමට කටයුතු කරමින් සිටී.

ld add copy

Connet With Us