ලබන වසරේ ජනවාරී පළමු වෙනිදා සිට පෞද්ගලික රෝහල් වලින් සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ වාර්තා රජයේ රෝහල් වලට බාර ගැනීම තහනම් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසයි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා සුදුසුකම් සහිත මුද්‍රණාලයාධිපතිවරයකු නොමැතිවීම හේතුවෙන් එහි වැඩකටයුතු මුළුමනින් අඩපණවී විශේෂ ආරක්ෂා සහිතව මුද්‍රණය කළ යුතු රජයේ රහස් ලියැවිලි මුද්‍රණය පවා පෞද්ගලික අංශයට දීමට සිදුවන තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ මැදිහත්වීම මත ලයන් බෲවරි සමාගමට බීර (බියර්) සඳහා 60%කට ආසන්න බදු සහනයක් ලබා දීම හේතුවෙන් මේ වන විටත් රුපියල් බිලියන ගණනක බදු මුදලක් රජයට අහිමි වෙමින් පවතින බව වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂගේ පාද යාත්‍රාවට බලාපොරොත්තු තරම් පිරිසක් සම්බන්ධ නොවීම නිසා , එජාපයේ බලාපොරොත්තු බිඳ වැටී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වය අතර වන ගැ‍ටුම මත ශ්‍රීලනිපය දෙකඩවීමක් එජාපය බලාපොරොත්තු විය. මෙවර පාදයාත්‍රාව එහි තීරණාත්මක සංසිද්ධියක් වනු ඇති බවට එජාපය බලපොරොත්තු විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් A 350 ගුවන්යානා කුලී පදනමින් පකිස්තාන් ගුවන් සේවයට ලබා දීමේ ගනුදෙනුව සැකසහිත බව ගුවන්සේවා ආරංචිමාර්ග සඳහන් කරයි.

මේවන විට මහජන විරෝධය මත නවතා ඇති නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස්කරමින් ඉදිකරන කුඩා ජල විදුලි බලාගාරයට එම ප්‍රදේශයෙ ජනතාවගේ අනුමැතිය හිමිවූ බවට ව්‍යාජ ලියැවිල්ලක් ජනාධිපතිවරයාට හා මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වලට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් යොමු කර ඇතැයි වර්තාවේ.

ශ්‍රි ලංකාවේ ගංගා මෝය සහ කලපු ආශ්‍රිත කඩොලාන පරිසරය ලෝ ප්‍රකටය. ඒ අතරින් මුතුරාජවෙල ගැන නොදන්නා කෙනෙකුද නැත. එහෙත් දැන් ඒ කඩොලාන අවසන් වෙමින් පවතී. ඒ කපා කොටා විනාශකර දමමින් තිබේ. අපේ පරිසර ඇමැති ජනාධිපති මෛත්‍රීපාලය. තමන්ගේ විධායක බලතල පාවිච්චි කරන්නේ පරිසරය වෙනුවෙන් පමණක් බව කියන ජනාධිපතිවරයාට කඩොලාන තබා තණ කොළ ගහක්වත් ‍රැක ගැනීමට නොහැකි බව ඔහුගේ බාවිතාවෙන්ම ඔප්පු කොට පෙන්වා තිබියදී වූවත් කඩොලාන විනාශ කරමින් තිබෙන ලංකාවට ලෝකයේ පළමු කඩොලාන කෞතුකාගාරයක් පිහි‍ටුවා ලෝක ඉතිහාසයට එකතු විය. ඒ ඔහුගේ තවත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලෙස වර නැගීම ද ඉදිරියේ දි සිදුවනුද ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා මිළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශයට පත් කර තිබුණද යම් ලෙසකින් හෝ 2020 වන විට පවතින දේශපාලන වාතාවරණය අනුව ඔහුව යළි ඉදිරිපත් කිරීමට ශ්‍රීලනීපය තීන්දු කිරීමේ ඉඩක් පවතින බැවින් එම තත්වය වැලැක්වීම වියයුතු බවත් එමෙන්ම ජනාධිපතිවරණයේ ශ්‍රී ලනීප අපෙක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීම නියත වශයෙන්ම සිදුවන බවත් පසුගිය සිකුරාද සවස නුගේගොඩ ගංගොඩවිල පිහිටි ස්ථානයකදි පැවැත්වූ ‍රැස්වීමකදී ගොඨාභය රාජපක්ෂ පවසා ඇත.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us