රාජපක්ෂ සහෝදරයින්ගේ බලපොරය හේතුවෙන් එම පාර්ශවයේ ඇතිවූ බෙදීම ඡායා කැබිනෙට්ටුව එළිදැක්වීමත් සමඟ තවදුරටත් හෙළිදරව් වෙමින් ඇත.

මෙරට ආරක්ෂක අමාත්‍යංශය තුල ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවයට තොරතුරු සපයන මෙරට ඒජන්තයකු සිටින බව හෙළිදරව් වී ඇත. රෝ ඔත්තු සේවය මෙරට දේශපාලන හා ආරක්ෂක තීන්දු තීරණ සම්බන්ධයෙන් යොදවා ඇති ඔත්තු කරුවන් ගනනාවක් ක්‍රියාත්මක වන අතර ආරක්ෂක අමත්‍යංශයේ තොරතුරු ලබාගැනීම සඳහා යොදවා ඇත්තේ සුවිශේෂි පුද්ගලයෙකි.

ජනාධිපති සම්බන්ධීකරන ලේකම්, දික්කසාද නඩු පිළිබඳ විශේෂඥ, නීතිඥ ශිරාල් ලක්තිලක විසින් සිදුකළ තවත් පච වැඩක් අගමැති රනිල් වික්‍රමසිංහ අනාවරණය කරගෙන ඇතැයි වර්තාවේ. එනම් ස්වාධීන රූපවාහිනියේ නිවේදකයකු ලෙස කටයුතු කරන මහේෂ් සේනානායකගේ වැඩ තහනම් කිරීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර ඇත්තේ ශිරාල් ලක්තිලක විසින් බවය. එමෙන්ම මෙම කුමන්ත්‍රණය සඳහා ලක්හඬ ගුවන් විදුලිය බංකොලොත් කළ ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායකවද හවුල් කර ගෙන තිබේ. ධනුෂ්ක රාමනායකව මේ සඳහා යොදාගෙන ඇත්තේ ඇමැති පාඨලී චම්පික ගේ උපදෙස් අනුව බවත් හෙළිව තිබේ.

ඉදිරිමහ මැතිවරණයට වෙනම පක්ෂයක් ලෙස ඉදිරිපත්වී ඉදිරිපත් වී ජයග්‍රහණය කර හදන්න සිහින දකින ආණ්ඩුවේ අගමැතිධුරය, සම්බුද්ධ සාසන, ආගමික කටයුතු සහ රාජ්‍ය ආරක්ෂක යන ධුරයන් මහින්ද රාජපක්ෂ තමන් සන්තකයේ තබා ගැනීමටත් අනෙක් ඇමැතිධුරයන් 50 ට පුද්ගලයන් නම් කිරීමත් මේවන විට සිදු කර තිබේ.

වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හා හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය හා ආර්ථික් ක්ෂේත්‍රවලට අත් පොත් තැබුවේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ යුගයේ මෙරට දීර්ග කාලයක් මුදල් ඇමැතිධුරය හෙබවූ රොනීද මැල් මහතාගේ ගුරුහරුම්කම් මත බව හෙළිවේ. මේ තිදෙනාම ධනෙශ්වර ආර්ථික මොඩලයක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් වන අතර මෙහිදී කුමාරස්වාමී මහතා ඒ වෙනුවෙන් වූ පර්යේශකයෙක් මෙන්ම ඔහුගේ විශේෂඥ දැනුම ලොව පුරා බෙදා හරින්නකුද වේ.

ආණ්ඩුව ගෙදර යැවීමට කියමින් ශ්‍රීලනිප මහින්ද පාර්ශවය වෙනම දේශපාලන ගමනක් වෙනුවෙන් බදුල්ලෙන් වැඩ ඇල්ලීමට සුදානම් වීමත් සමඟ අන්තවාදී කහකඩ බලකායන් හරහා ආණ්ඩු විරෝධී රැල්ලක් බිහිකිරීමටත් ගෝඨාභය රාජපක්‍ෂව දේශපාලනයෙන් ඉවත් කිරීමේත් මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා(02) පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ලාභීන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ලබා දෙන ලෙස ඊයේ(06) සවස නාට්‍ය අනුමණ්ඩලයෙන් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය වූයේ එහෙම ලේඛනයක් නොමැති බවය.

2015 ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව රාජපක්ෂ රෙජීමය සකස් කළ මඩ පෝස්ටර් තොගය නීතිය අතට පත්කළ වරදට සේවය අහිමි කරගත් ස්වාධීන රුපවාහිනි සේවයේ මාධ්‍යවේදී මහේෂ් සේනානායකට යහපාලන ආණ්ඩුවද කෙළවා දමා ඇත. ඒ වසර 14 කට අධික කාලයක් ස්වාධීන රුපවාහිනී සේවයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ මහේෂ් සේනානායකගේ වැඩ තහනම් කරමින්ය.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us