දෙමළ දේශපාලන සිරකරුවෝ 223 දෙනෙක් තමාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ඊයේ උපවාසයක් ආරම්බ කර තිබේ.

පානීය ජලය ඉල්ලා පිරිසක් තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ පල්ලේමලල හන්දියේදී ආරම්භ කළ විරෝධතාවයක් පොලීසිය හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විසුරුවා හැර තිබේ.

එහිදී පොලීසිය වාහන ගමනා ගමනයට ඉඩදී මාර්ගයෙන් ඉවත්ව විරෝධතාවයේ නිරතවන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අද දින(12) අප වෙබ් අඩවියේ ගොසිප් තීරුවේ පළ වූ 'ආරක්ෂක ඇමැති එක්ක පොටෝ කෑල්ලක් ගහන්න රු. 25,000යි' වාර්තාව සම්බන්ධයෙන් 'ලංකා ඩේලි' සංස්කාරකවරයා ඇමැතූ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හෙරල්ඩ් සේනාධීර මහතා පවසා සිටියේ, අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය, ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා හමුවීමට පැමිණෙන වීවිධ පුද්ගලයන් සමඟ ඡායාරූප ගැනීම සිදුකරන මුත් මුදල් අය නොකරන බවය. එම නිසා අපගේ වාර්තාව සාවද්‍ය බවත් ඔහු පවසා සිටියේය.

පසුගියදා සිදු කරනු ලැබූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපන් සංචාරය සඳහා තමාවද එක්කර ගන්න ලෙස තුන්හුලස් මාධ්‍ය වසලයාගේ ගෝලයකු වන මන්ත්‍රී 'මගේ හිතෙත් බුවා' මහතා සැහෙන වෙහෙසක් දරා ඇති බව දැන ගැනීමට තිබේ.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාව හමුවීම සඳහා එම අමාත්‍යංශයට එන පුද්ගලයන් ගෙන් මුදල් අය කර ගන්නා සම්බන්ධීකරණ ලේකම්වරයකු ගැන වාර්තාවේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇති ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය මේවන විට එහි පාලනාධිකාරියේ දුර්වලතාවන් හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.

සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක,පරිවර්තනය - කෝවිද ගුණසේකර


බටහිර ආසියාතික රටකදී ඊයේ (10) සුවිශේෂී නඩු විභාගයක් පැවැත්වීමට නියමිතව තිබිණ.මෙම නඩු විභාගයෙන් හෙළිවන්නට නියමිත තොරතුරු ශ්‍රීලංකාවේ මහත් ආන්දෝලනයක් ඇතිකරනු බව නම් නිසැකය.

දෙරණ මාධ්‍ය ආයතනයේ සැබෑ අයිතිකරුවා දිලිත් ජයවීර වූවද පසුගිය වසර දහය පුරා එම සමාගමේ සභපතිවරයා ලෙස පෙනී සිටියේ ලක්සිරි වික්‍රමගේ මහතාය. පැවැති රාජපක්ෂ රෙජීමයට පක්ෂපාත ස්ථාවරයක සිට එම ආයතනය මාධ්‍ය කටයුතු මෙහෙයවූ අතර එම තත්වය මෑතක් වන තුරුම දකින්නට තිබිණි.

ld add copy

Connet With Us