මහින්ද පරදින ලකුණු!

Published in පුවත්
Thursday, 08 January 2015 23:59

මහින්ද රාජපක්ෂ මහතා පරාජය වි ඇති බවට නිල නොවන වාර්තා පලවෙමින් ඇත. දිස්ත්‍රික්ක ගනනාවකින් දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව මේ බව හෙලිවේ.

ක‍ටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඩෙල්ටා පර්යන්තයේ අදට දින 09 සිට A319 එයාර් බස් 2ක් නවතා ඇතැයි ගුවන් තොටුපල තොටුපල වෘත්තිය සමිති පවසයි.

මෙපමණ කාලයක් එලෙස නවතා තැබුවේ ඇයිද යන්න ඔවුන් ප්‍රශ්න කර සිටී.

අරලිය ගහ මැදුරේ ආරක්ෂාව සඳහා හෙට පාන්දර 2.30 ට වහාම ක්‍රියාත්මක වන පරිදි 3000ක පොලිස් බල ඇණියක් කැඳවා ඇත.

දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා යාපනය කුඩත්තනෙයි ප්‍රදේශයේදී සිය ඡන්දය භාවිතා කළ අයුරු

අද උදෑසන පටන් ඡන්දය ප්‍රකශ කිරීම සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන වෙත විශාල පිරිසක්  එක් රොක් වී සිටිනු දක්නට ලැබුණි.

යාපනය නගරය ආශ්‍රිතව ඡන්දය දැමීම සඳහා යන පිරිස් වෙත නාමල් රාජපක්ෂගේ ගෝලයෙක් වන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී අන්ගජන් විසින් අරක්කු බෙදා හරින බව පැවසේ. මීට අමතරව නාවල්අඩි ප්‍රදේශයේ වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් ඡන්ද මධ්‍යස්ථානය වෙත අලි ඩොන් ගසා පලා ගොස් ඇත. මෙය අන්ගජන් මන්ත්‍රීගේ ගෝලයන් විසින් සිදු කරන්නට ඇතැයි සැක කෙරේ.

කොළඹ10 අබේසිංහාරාම ඡන්ද මධ්‍යස්ථානයේදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු

worky

worky1

ld add copy

Connet With Us