පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපජ්ෂ මහත්මිය විසින් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය'නම් සංවිධානයේ ගිණුමට චීන රජය විසින් සෘජුවම මුදල් බැර කර ඇති බව අනාවරණය වී තිබේ. මේ අනුව අමරිකානු ඩොලර් 75,000 ක (රුපියල් කෝටියකට ආසන්න) මුදලක් එක අවස්ථාවක බැර කර ඇත.

කොළඹ සහ ත්‍රීකුණාමලය ප්‍රදේශවල ධනවත් පවුල් වල සිසු දරුවන් කිහිප දෙනෙකු ඇතුළු 28 දෙනෙකු 2010 වසර තුලදී කප්පම් ගැනීම සඳහා නාවික හමුදාවේ පිරිසක් විසින් සිදුකළ පැහැර ගැනීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී ඊට යොදා ගත් වැගන් වර්ගයේ වාහනයක් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂන දෙපර්තමේන්තුව සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ සැපයුම් අංශය විසින් කඳුළු ගැස් කෑන්(canisters) 5000 ක් සහ දැඩි රබර් වලින් නිශ්පාදිත පොලු 1000 ක් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සුදානම් වන බව වාර්තාවේ.

ලංකාවට කඳුළු ගැස් ගෙන්වන්නේ බ්‍රිතාන්‍යයෙන් හා චීනයෙනි.

ඊයේ රාජිත සේනාරත්න මහතගේ මිතුරු සයුරු සමරසුන්දර මහතා හා ඇවන්ගාර් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර ඇති වූ සංවාදයයේ හඬ පටය අන්තර්ජාලයට එක්වීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා විසින් ඇව්න්ගාඩ් හිමිකරුගෙන් මුදල් ලබා ගෙන ඇති බව හෙළි විය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ පවතින මැතිවරණ ක්‍රමය අහෝසි කිරීමට අද (18දා) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට තමා විශේෂ කැබිනට්‌ පත්‍රිකා දෙකක්‌ ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17 දා) පැවැසීය.

ජිනීවා යෝජනාවලට අදාළව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකරන බව ජනාධිපතිතුමා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවේ ජීවත් වීමට සහ දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති අයිතිය ලබා නොදීමට පමණක් නොව එම අයිතිය ඉල්ලා සිටින්නන්ට එරෙහිව මර්ධනය දියත් කිරීමටද වත්මන් හවුල් ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබා ගත් රාජිත සේනාරත්න මහතා ඒ වෙනුවෙන් මැදිහත් වූ ඔහුගේ සමීපතම මිතුරා වූ සයුරු සමරසුන්දර මහතාට ඔහු මේවන විට සභාපතිත්වය දරන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත  සංස්ථාවේ සභාපතිධුරයෙන් වහාම ඉල්ලා අස් වී අල්ලස් ලබා ගත්තේ තමුන් බවට ප්‍රකාශයක් කරන ලෙස විදේශ රටක සිට දුරකතනයෙන් බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.

ld add copy

Connet With Us