දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක කම ලැබීම වැලැක්වීමේ සිංහල ජාතිවාදී වුවමනාව පදනම් කරගෙන විමල් වීරවංශ මහතා නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමාවෙත තබා ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී සැලසුමක දියත් කරමින් සිටින බව වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඉවත් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැස්තුවෙන් මෙවර පාර්ලිමේන්තු වරම් ලබා ගැනීමට නියමිත නිතීඥ ශිරාල් ලක්තිලක මහතා සිය මන්ත්‍රී ධූරය ප්‍රතික්ෂේප කරමින් එම අවස්ථාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

08 වැනි පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙසත්, නිදහස් ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (21) උදෑසන දිවුරුම් දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන ජාතික ආණ්‌ඩුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතු වන්නේ නම් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය තම පක්‍ෂයට ලැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන 13 දෙනෙකුගේ පිරිස නම් කොට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට නව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධූරයක් ලබාදීම ගැටලුවක් වී තිබේ.

අද උදැසන පැවැති ශ්‍රී ලනීප මධ්‍යම කාරක සභාවේදී එක්සත් ජාතික පක්ෂය හා ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීමට අවශ්‍ය අනුමැතිය ලැබී තිබේ. 

ld add copy

Latest News

කතරගම ඉල් මංගල්‍ය දෙසැම්බර් 04 වැනිදා

කතරගම ඉල් මංගල්‍ය දෙසැම්බර් 04 වැනිදා

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍ය වන ඉල් මංගල්‍ය ලබන දෙසැම්බර් 04 වැනි දින පැවැත...

Connet With Us